වැලිකඩ ඝාතනය : මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට බන්ධනාගාර රෝහල් සැප

Date:

වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර රෝහලෙහි නැවතී සිටීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන්ට සෙසු රැඳවියන්ගෙන් තර්ජන එල්ල විය හැකි බැවින් මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට යොමු කළ බවකි.

ඒ අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඔහුව බන්ධනාගාර රෝහලෙහි නවත්වා ඇති බව සඳහන්.

වැලිකඩ බන්ධනාගාරයෙහි සෙසු ඒකකවලට සාපේක්ෂව බන්ධනාගාර රෝහල යනු ඉතාම සැප පහසුකම් සහිත ස්ථානයකි. විශේෂයෙන් දේශපාලනඥයින්, ඉහළ රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් වැනි අය බන්ධනාගාරගත කෙරුණු විට ඔවුන් සෞඛ්‍යමය හේතූන් පෙන්වා බන්ධනාගාර රෝහලට පැනගන්නේ ඒ නිසාය.

මෙවර බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන්ගේ පැරණි සගයාට විශේෂ සැලකිල්ලක් දක්වමින් කිසිදු රෝගී තත්වයක් නොමැතිවත් ඔහුට බන්ධනාගාර රෝහල් සැප ලබාදීමට පියවර ගෙන ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...