යළිත් දුම්රිය වර්ජනයක් !

0
377

යළිත් වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බවයි එම සංගමය පවසන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය තීරණය කර ඇති අතර මෙම තීරණය අත්තනෝමතික තීරණයක් ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ. ඒ අනුව උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා.

මීට පෙරද වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට ලක්විය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here