බිත්තර පමාවේද….???

Date:

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව බිත්තර ආනයනය කළ නොහැකි බවත් එම දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය වන බව වෙළෙඳ අමාත්‍යාංශය කියයි.

රජය විසින් සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් 90%ක්ම ඉන්දීය සැපයුම්කරුවන් වූ අතර, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසන්නේ බිත්තර ආනයනය කිරීම සඳහා කිසිදු ගැටලුවක් නොමැති වුවද ඉන්දියාවෙන් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බවය.

එයට හේතුව කුරුලු උණ බව ඇය පවසයි.

ඉන්දියාවේ පසුගිය කාලවකවානුව තුළම කුරුලු උණ රෝගය වාර්තා වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා ආනයන අපනයන පාලක ජනරාල්ට ඊට අවශ්‍ය නිර්දේශ ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පවසයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...

වෙනිසියුලාවට එරෙහිව F-35 රහසිගත ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ට්‍රම්ප් නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 06: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව හා...