*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙනුත් බදු!

රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසූවේ රටේ ජනාධිපතිවරයාගේ සිට සියලුම අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ගෙන් මූල්‍ය නොවන ප්‍රතිලාභ සඳහා අය වියයුතු බදු (Tax on non-cash benefits) නිසි පරිදි අය කරගැනීමට ක්‍රමවේදයක් ක්‍රියාත්මක වියයුතු බවයි.

මෙහිදී මූල්‍ය නොවන වරප්‍රසාද ලෙස යම් තනතුරක් දරන පුද්ගලෙකුට හිමිවන වාහන, නිවාස, සේවකයින් ආදී ප්‍රතිලාභ අයත්වන බැවින් ඒ සියල්ල සලකා බලා නිවැරදිව මෙම බදු අයකිරීම් සිදුකළ යුතු බවත්, 2023 වසර සඳහා බදු අය කරගැනීමේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව සාකච්ඡා කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දී පැවසීය.

2022 වසරේ බදු ආදායම රුපියල් බිලියන 860 ක් හා බවත් 2023 වසර සඳහා අපේක්ෂිත බදු ප්‍රමාණය රුපියල් බිලියන 1,667ක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මේ අනුව ගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 922 කට ආසන්න බදු මුදල් ප්‍රමාණයක් මෙම වසරේ වැඩිපුර ලබාගැනීම ඔවුන්ගේ බලාපොරොත්තු වේ.

2023 වසරේ අපේක්ෂිත බදු ආදායමින් වැඩිම මුදල බිලියන 603 ක්ලැබීමට නියමිත වන්නේ සමාගම් ආදායම් බද්ද මගින්ය. එසේම එකතු කළ අගය මත බද්ද (VAT) මගින් රුපියල් බිලියන 553 ක ආදායමක් අපේක්ෂා කරයි.

ආබාධිත රණවිරුවන්ගේ විශ්‍රාම වැටුපටත් බදු අයකරන බවට පළවූ ඇතැමු මාධ්‍ය වාර්තා පිළිබඳව ද කාරක සභාවේ අවධානය යොමුවී තිබුණි.

මේ අනුව මෙම බදු අය කරගැනීමේ ප්‍රගතිය පිළිබඳව පෙබරවාරි මාසයේ දී කාරක සභාවට වාර්තා කරනු ඇත.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan