*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/14

1. 2022 මැයි 12 දින සිට මහ බැංකුවේ “ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්තිය” ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයකට රුපියල් 370 ක පමණ පරාසයක “ස්ථාවර” කරමින් මේ වනවිට මාස 09 ගත වේ – නැවත වරක් “පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තියක්” හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉක්මනින් කටයුතු කරනු ඇතැයි විශ්ලේෂකයෝ බලාපොරොත්තු වෙති – දුර්වල ජාත්‍යන්තර වෙළඳාම් සහ ඉතා අඩු මට්ටමේ විදේශ විනිමය ගලා ඒම් හේතුවෙන් රුපියල ඉන් පසුව තියුණු ලෙස අවප්‍රමාණය වීමට ඉඩ ඇත.

2. ශ්‍රී ලංකා හමුදාවේ මේ වන විට සේවය කරන 200,783 ක සාමාජිකයන් සංඛ්‍යාව 2024 වන විට 135,000 දක්වා කපා හැරීමට රජය අපේක්ෂා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි – එය වසර 2ක් තුළ තුනෙන් එකක පමණ කප්පාදුවකි – 2030 වන විට සාමාජිකයන් සංඛ්‍යාව 100,000 දක්වා අවම කිරීමට ද අපේක්ෂා කෙරේ – උග්‍ර ආර්ථික අවිනිශ්චිත කාලයක් තුළ හොඳින් පුහුණු වූ තරුණ පුද්ගලයන් 100,000කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

3. ශ්‍රී ලංකාවේ වැඩබලන චීන තානාපති Hu Wei විසින් චීනයෙන් ලබා දෙන ප්‍රදානයක් වශයෙන් රෙදි මීටර් 8,862,990 ක් ලබා දෙයි – එම ප්‍රදානය 2023 සඳහා පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවයෙන් 70%ක් සම්පූර්ණ කරයි.

4. පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට වන්දි ගෙවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශංසා කරති – ජනාධිපතිවරයා ඇතුළු ඕනෑම ඉහළ පෙළේ පුද්ගලයකු අපරාධයක් සිදුකර ඇත්නම් ඔවුනට නීතියෙන් ගැලවීමක් නොමැති බව එයින් පිළිඹිමුවන බව අවධාරණය කරති – අනාගත නායකයන්ට සහ නිලධාරීන්ට එය හොඳ පූර්වාදර්ශයක් වනු ඇතැයි ද පවසති.

5. පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව වින්දිත පවුල්වලට සාධාරණව සහ සුදුසු ලෙස වන්දි වශයෙන් නියම කරන ලද මුදල් ප්‍රදානය කිරීම සඳහා “වින්දිත අරමුදලක්” පිහිටුවන ලෙස නීතිපති සංජය රාජරත්නම් වන්දි ගෙවීමේ කාර්යාලයෙන් ඉල්ලා සිටියි.

6. 23 ජනවාරි 16 වැනිදා සිට කෙටි දුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි – මෙම පියවරෙහි අරමුණ පිරිවැය අඩු කිරීම බව ද පවසයි.

7. පරම ප්‍රතිවාදීන් වන විනයාගමුර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සහ සිව්නේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) අතර දේශපාලන සන්ධානයක් ගොඩ නැඟේ – ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරේ සෑම පළාත් පාලන ආයතනයකටම තරඟ කිරීමට එම සන්ධානය කටයුතු කරනු ඇත.

8. මින් ඉදිරියට මෙරටට පැමිණෙන සියලුම සංචාරකයන්ට නව Covid-19 ප්‍රොටෝකෝල සහ ක්‍රියා පටිපාටි අදාළ වන බවත්, එන්නත්කරණයෙහි කාඩ්පත් අනිවාර්යයෙන් ඔවුන් සතුව තිබිය යුතු බවත් සංචාරක කර්මාන්තය පවසයි – එන්නත් නොකළ සංචාරකයන් පැමිණීමට පැය 72 කට පෙර ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර, වෙනත් විකල්ප නොමැත.

9. ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් ණය සහතික ලබා ගැනීමට බලධාරීන්ට නොහැකි වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලබා දීම ප්‍රමාද කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කරයි – මෙවන් තත්ත්වයක් ජනතාවට විශාල හානියක් සිදු කරන බව ද පවසයි – 2022 මැයි මස 3වන දින සිට මාස 3ක් ඇතුළත ආර්ථිකය ස්ථාවර වනු ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේය.

10. ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය, රට පුරා හඳුනාගත් කලාප 900 ක පමණ ඛනිජ තෙල් සම්පත් ගවේෂණ කටයුතු නැවත ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කරයි – සුදුසු ආයෝජකයන් සඳහා වසර දෙකක තෙල් සහ ගෑස් ගවේෂණ බලපත්‍ර නිකුත් කිරීමට එම අධිකාරිය සූදානම් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan