උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පවසයි.

අවුරුදු සමයේ ජනතාවගේ ගමනාගමනය වැඩි වීම සැලකිල්ලට ගනිමින් විශේෂයෙන් රථ වාහන නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් වැඩි වශයෙන් යොදවන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරන්නේ.

විශේෂයෙන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල දුම්රිය ස්ථාන සහ ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව රථ වාහන පාලන සැලසුම් සහ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට නියමිත අතර මෙම විශේෂ වැඩපිළිවෙළ අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන අතර, අවුරුදු උත්සව සමය අවසන් වී ජනතාව නැවත ගම්බිම්වලින් නගර වෙත පැමිණෙන තුරු එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

“අලුත් අවුරුද්ද සඳහා විශේෂයෙන්ම රථ වාහන නිලධාරීන් යොදනවා. ආරක්ෂාව සඳහා නිලධාරීන් යොදවනවා. ඒ සමගාවීම වෙනත් වර්ෂවලට සමගාමිව. අපි කොළඹ ප්‍රදේශයේ දුම්රිය ස්ථාන ආශ්‍රිතව ප්‍රධාන බස් නැවතුම්පොළ ආශ්‍රිතව ඒ රථ වාහන සැලැස්මවල් සහ ආරක්ෂිත සැලැස්මවල් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන නගර ආශ්‍රිතව ක්‍රියාත්මක කරනවා. ඒ ආකාරයට විශේෂයෙන් ගම්බිම්බලා යන ජනතාව වෙන්න පුළුවන් සහ නගරයට භාණ්ඩ ලබාගන්න එන අය වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විශේෂයෙන් දැනුම්වත් කරලා අදාළ කොට්ඨාස භාර නිලධාරීන්ට සැලැස්මක් යටතේ මහජනතාවට ආරක්ෂාව සහ රථ වාහන සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රේල් 01 වෙනිදායින් පස්සේ ඒ සැලස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් පොලිස් නිලධාරීන් රාජකාරියේ යොදවලා තියෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් පළමු වෙනදා ඉදන් අවුරුදු අවසන් වෙලා ජනතාව ගම්බිම් බලා ගිහින් එනතුරු ඒ සැලැස්ම ක්‍රියාත්මක වෙනවා.” යනුවෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙඩි තැබීමක්: ලොකු පැටී” නමැත්තාගේ සහෝදරයෙකු මිය යයි!

රෂිකා හෙන්නායක අහුංගල්ල, වැලිකන්ද ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...