හඳුන්වාදෙන නව e-invoice system

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 14 කොළඹ (LNW): දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) බදු එකතු කරගැනීමේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ ඊ-ඉන්වොයිස් ක්‍රමයක් (e-invoice system) හඳුන්වා දීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

එමඟින් මෙම වසර තුළදී රුපියල් දී බිලියන 2,024 ක ආදායමක් ලැබීම අපේක්ෂා කරන බව සඳහන් වේ.

බදු එකතු කිරීම සහ බදු පැහැර හැරීම් වැලැක්වීම දෙපාර්තමේන්තුවට ලැබෙන තොරතුරු මත රඳා පවතින බවත් එබැවින් බදු වංචාවෙන් වැළකීම සඳහා රටේ සියලුම ආයතන සම්බන්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවක් මතුව ඇති බව, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු පරිපාලන) එම්.එස්.එම්. සියාන් මහතා පවසා සිටි.

ඒ අනුව ශ්‍රී ලංකාවට විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමයක් හඳුන්වාදීම සඳහා ආදායම් දේපාර්තමේන්තුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

“අපි ශ්‍රී ලංකාවට විද්‍යුත් ඉන්වොයිසි ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කර තිබෙනවා. එම ක්‍රමය හඳුන්වා දුන් පසු බදු පැහැර හැරීම් වැනි සිද්ධීන් නවතිනවා. IRD ක්‍රියා කරන්නේ එයට ලැබෙන තොරතුරු මත ය; ගෙවන්නේ කවුද සහ නොගෙවන්නේ කවුද කියා අනාවැකි කීමට අංජනම් බැලීමේ හැයාවක් අපට නැත. අපට සිටින සේවකයින් 1,000 කින් පමණ අපට මුළු රටම නිරීක්ෂණය කළ නොහැක. ”දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් (බදු පරිපාලන) එම්.එස්.එම්. සියාන් මහතා අවධාරණය කළේය.

මේ වන විට බදු එකතු කිරීම දැඩි ලෙස ක්‍රියාත්මක කර ඇති අතර, 2023 දී එකතු කරන ලද ආදායමේ සැලකිය යුතු වැඩි වීමක් පෙන්නුම් කරයි. එය රු. බිලියන 900 ක් පමණ වේ. ඒ අතර, බදු ගෙවීමට බැඳී සිටින අයගේ බදු පැහැර හැරීම් 10-15% පමණ වන බවත් පැවැසේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට කොමිසමේ අනුමැතිය. බස් සංගම්වල දැඩි විරෝධය

සටහන - රුවන් නෙළුගොල්ල බස් ගාස්තු 2.5% කින් අඩුකිරීමට ජාතික...

සුගතදාසෙ නොදීම ගැන හයසින්ත්ගෙන් පුංචි ආඩපාලියක්

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: දකුණු කොරියාවේදී ආසියානු යොවුන්...

නව ඔලිම්පික් සභාපතිණිය ට්‍රම්ප් සමඟ ඔලිම්පික් ගැන තනිව කතා කරන්නට සිතයි.

නිශ්මං රණසිංහ ජුනි 25, කොළඹ LNW: ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති...

‘මම නැතිනම් ඔවුන් තාමත් සටන් කරනවා’ – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා ඊශ්‍රායලය...