ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ බුදු දහමට අපහාස කිරීම අනුමත නොකරන බව අස්ගිරි මහා විහාරීය විශේෂ මාධ්‍ය හමුවේදී අවධාරණ කෙරේ.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 14,
මහනුවර (LNW): ප්‍රජාතන්ත්‍රවාදී නිදහස මුවාවෙන් බුද්ධ ධර්මයට අපහාස වන අයුරින් හැසිරීමට කිසිවෙකුටත් ඉඩ නොදිය යුතු යැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් පවසති.
බුදු දහමට අපහාස කිරීම සඳහා ගිහියන් මෙන්ම චීවරධාරීන් ද කටයුතු කරන බව මෑතක සිට නිරන්තරයෙන් දැකිය හැකි යැයි උන්වහන්සේ තව දුරටත් සඳහන් කළේය.

වර්තමානයේ වන විට බුදු සසුනට ඉල්ලවන අභියෝග පිළිබඳව ජනතාව දැනුවත් කොට පිවිතුරු බුදු දහම රැක ගැනීම සඳහා වන විශේෂ මාධ්‍ය හමුවක් (12) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී පැවැති අතර එහිදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇතැයි එහිදී පෙන්වා දුන් අනුනායක හිමියන් මහජනයාට මෙන්ම ආණ්ඩුවට ද බුදු දහම රැක ගැනීමේ වගකීමක් ඇතැයි කීවේය. මේ සම්බන්ධයෙන් මහා නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය අවධානයෙන් පසුවන බව කී අනුනායක හිමි, අධිරාජ්‍යවාදයෙන් රටට සිදුවූ හානියට සමාන හානියක් මේ වන විට සිදුකරමින් පවතින බව ද පැවසීය.

මෙවැනි තත්ත්වයක් යටතේ මහජනතාව වඩාත් විමසිලිමත් විය යුතු යැයි සඳහන් කළ උන්වහන්සේ බුදුදහම රැක ගැනීම පරම වගකීමක් යැයි පෙන්වා දුන්නේය.
ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ අනු නායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප අනුනායක හිමි, ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කනත්තේගොඩ ශ්‍රද්ධාරතන අනුනාහිමියන් ද අදහස් දැක්වීය.

පූජ්‍ය ගල්පොතු කන්දේ වජිර හිමි සහ අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය වඳුරාගල ධම්රාමහිමි ඇතුළු මහා සංඝ රත්නය වැඩම කොට සිටියෝය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...