පන්දු රැකීමම මදි බව හිතන්නට වෙන ජයකින් පළමු තරගය ජය ගන්න වනිදුට හැකි වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW): සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේදී අවසාන පන්දුවේදී කඩුලු 3 ක් ජයක් අත් කර ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.අවසාන පන්දුව දක්වාම දිග ඇඳුණ ද එය එසේ නොවිය යුතුව තිබිණ.තරගයට පෙරාතුව ඒ සම්බන්ධයෙන් දැක් වූ අදහස්වලදී නායක වනිඳු හසරංග ප්‍රකාශ කළේ කණ්ඩායමේ වැඩිම අවධානය පන්දු රැකීමට යොමු කරන බව වුණත්,පළමු තරගය නිමාවේදී අන් අංශ දෙකම ඒ තරමටම වැදගත් බව ප්‍රායෝගිකව වනිඳුටත්,කණ්ඩායමේ සියල්ලටමත් වටහා ගන්නට හැකි විය.


සැබවින්ම ශ්‍රී ලංකා පන්දු රැකීම ඉහළින්ම දකින්නට තිබිණි.එහෙත් පන්දු යැවීමේදී පන්දු රැකීමට සරිලන ආකාරයට පන්දු යැවීම ලැන සෑහීමකට පත් වන්නට නොහැකිය.විශේෂයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශේෂ දඟ පන්දු යවන්නන් දෙදෙනා සිම්බාබ්වේ පිළට විශාල තර්ජනයක් එල්ල කරමින් සිය පන්දු ඕවර් 8 නිමා කළේ ලකුණු 35 ට කඩුලු 4 ක් දවා ගනිමින්ය.ඒ මහේෂ් තීක්ෂණ 16 ට 2 ක් සහ වනිඳු හසරංග 19 ට 2 ක් ලෙසය.

ඉතිරි පන්දු ඕවර් 12 සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් සිම්බාබ්වේ පිතිකරුවන් ඩැහැගෙන තියෙන ලකුණු ප්‍රමාණය 108 කි.දවා ගෙන ඇති කඩුලු ප්‍රමාණය 1 කි.එම කඩුල්ල දුෂ්මන්ත චමීරට හිමි වූයේ ලකුණු 28 ක් ලබා දීමෙන් ඉනික්බිතිවය.තරගයට පෙරාතුවම විස්සයි විස්ස තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම සතු හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා සිකන්දර් රාසා බව සියලුම දෙනා දන්න දෙයක් වුව ද,ඔහුව දවා ගැනීමට හෝ ඔහුව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට වැදගත් සැළසුමක් නොතිබුණ බව පැහැදිළි වූ අතර ඔහු පන්දු 42 ක් තුළ ලකුණු 62 ක් ලබා ගත්තේ හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් එල්ල කරමින්ය.ඔහු වටා ගොඩ නැඟුණු සිම්බාබ්වේ ඉණිමේ ඊ ළඟට වැඩිම ලකුණු ගණන වූ 26 රැස් කර ගත්තේ ටිෂනි කමුන්හුකම්වේ ය.සෙසු පිතිකරුවන්ට බලපෑමක් ඇති කරන්නට නොහැකි වුව ද,රාසාට ශක්තිය දෙමින් යම් ආකාරයක සුළු සබඳතාවලින් පෝෂණය කළ සිම්බාබ්වේ ඉණිම කඩුලු 5 ට ලකුණු 143 දක්වා ගෙන එන්නට නායක රාසා ට පෙරමුණ ගැනීමට හැකි විය.

ශ්‍රී ලංකා පන්දු රැකීමේ සහයට ගැලපෙන ආකාරයට පන්දු නොයැවීම මෙන්ම පන්දුවට පහරදීම ද පන්දු රැකීමේ දුර්වලතාවයක් පැමිණිය ද නිරන්තරයෙන් බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ පිඩනය නොනවත්වා රඳවා ගැනීමෙන් තව දවා ගැනීමේ අවස්ථා උදා කරගත හැකි බව සිම්බාබ්වේ කණ්ඩායම සහතික කළේය.හොඳම උදාහරණය කුසල් ජනිත් පෙරේරා දුන් උඩ පන්දුවක් ගිලිහී යාමෙන් ඉනික්බිතිව ඊ ළඟ පන්දුවේද තවත් සැළසුමක් ක්‍රියාත්මක කරමින් මැසකඩ්සා යවන ලද පන්දුවක් නැවතුණේ උඩ පන්දුවක් ලෙස රයන් බුරල් ගේ දෑත් තුළය.

ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු 143 දැඩී පීඩාවක් සහ අසීරු ඉලක්කයක් බවට පෙරළන්නට නැවත පෙරමුණ ගත්තේ හරි අවධානයකින් ශ්‍රී ලංකාව හැදැරිය යුතු එහෙත් හැදෑරු බවක් නොපෙනෙන නායක සිකන්දර් රාසා ය.ඔහු පන්දු ඕවර් 4 ලකුණු 13 ට කඩුලු 3ක් දවා ගනිමින් නිම කළේ මේ තරගයේ වැඩිම ලකුණුලාභියා පමණක් නොව හොඳම පන්දු යැවීමද ප්‍රදර්ශණය කරමින්ය.

එහෙත් ඒ වීරත්වයට වඩා තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අසීරු අඩියකදී පාර පෙන්නන ඉනිමක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.ඔහු අසීරු අඩියක කඩුලු 4 ක් ලකුණු 51 ක ට දැවී තිබියදී පිටියට පැමිණ කල්පනාකාරීව ප්‍රවේගවත් වෙමින් අත්දැකීම් සහිත බව මොනවට ප්‍රකට කළ ඉණිමකින් තරගයේ හත්වන කඩුල්ල සඳහා ඇති කරන ලද සම්බන්ධතාවය ලකුණු 55 ක් විය.ඔහුගේ සහයකයා වූ දසුන් ශානක කලකට පසුව විශ්වාසය පිළිබඳ සහතිකයක් පෙන්වමින් පන්දු 18 දී නොදැවී ලකුණු 26 කු එකතු කළේය.එහෙත් පන්දු දෙකකදි ලකුණු 6ක් තිබියදී මැතිව්ස්ගේ දැවීමෙන් පසුව යලිත් අවිනිශ්චිත වූ ඉණිම ජයග්‍රහණයකින් පුරවන්නට දුශ්මන්ත චමීර මුහුණ දුන් පන්දු දෙකෙන් ඉටු කර දුන්නේ එක් හතරේ පහරක්ද සමඟ අවශ්‍යය ලකුණු 6 ලබා දෙමින්ය.

කෙසේ නමුත් වනිඳු සිය පළමු එක්දින නායකත්වය ජයග්‍රහණයකින් කෙළවර කරන්නට සමත් විය.එය අසීරු ජයකි.තමන්ට නායකයෙක් ලෙස තරගයකදී හිතන්නට දේවල් ඉතුරු කළ ජයකින් නිමා වූ තරගයේදී වනිඳු, දසුන් ශානකට උඩින් ප්‍රාහරාත්මක ඉණිමක් දියත් කරන්නට අපේක්ෂා කරගෙන සිටියේනම් පිටියට එන්නට තිබුණේ පැමිණ තැනට ඉහළින් විශාල පීඩනයක් ගොඩ නැඟෙන්නට පෙරය.එහෙත් පන්දු දෙකකින් දැවී ගිය විට ලකුණ නැතුව පීඩනයකින් සිටින දසුන් ශානකට ඒ වගකීම පැවරීම එතරම් සුදුසු නැත.කෙසේ හෝ ලකුණු සෙවීම මේ තරගයේදී යළි ධනාත්මක ලෙස විඳහා පෙන් වූ දසුන් ජයග්‍රහණයට අවශ්‍යය කළ වැදගත්ම ඉණිමක් දියත් කළේ,ඔහු එන විට වැටී තිබූ ලකුණු වේගය ද වැඩි කරමින්ය.

තරගයේ සමස්ත ලකුණු විස්තරය පහතින් දැක්වේ.
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-1st-t20i-1412542/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...