යළි සක්‍රිය වූ Marapi volcano

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපතේ පිහිටි Marapi ගිනිකන්ද යළි විදාරණය වී ඇති අතර කිලෝමීටර් 1.3ක් තරම් ඉහළට ගිනි කන්දේ අළු විදාරණය වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය සාඳහන් කරයි.

Marapi බෑවුම්වල පුද්ගලයින් 1,400 ක් පමණ ජීවත් වෙති.

මේ වන විට එම ගිනිකන්ද අවට කිලෝමීටර 5 කට ආසන්න වට ප්‍රමාණයක ජනතාවට ඉවත්වන ලෙසට දැනුම් දී ඇති බව පැවසේ.

ගිනි කඳු විදාරණය හේතුවෙන් ඒ අවට පිහිටි නිවාස, වගාබිම් සහ රථවාහන සියල්ලම පාහේ අලුවලින් වැසී ගොස් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

මීට සති හයකට පෙර එම ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් කඳු නගින්නන් 24 දෙනෙකු මියගොස් තිබුණි.

තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුවූ බවද වාර්තා වේ.

එසේම පසුගියවර ගිනි කන්ද විදාරණය වූ අවස්ථාවේ එහි අළු අඩි 4,300 ක් ඉහළ අහසට නැගී තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය කතාව ඇරඹේ!(VIDEO)

කොළඹ LNW: 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත...

ඒෂාන් මාලිංග සංචිත දෙකටම ඇතුළත් කරයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 07,  කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම...

රේගුව ආදායම් වාර්තාව අලුත් කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා රේගුව දිනකදී ලැබූ ඉහළම ආදායම රැස්...

2026 අයවැයට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති...