වසර 52ක කාලයක් ඩෙන්මාර්කය පාලනය කළ දෙවැනි මාගරීටා රැජින විශ්‍රාම දිවියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 14 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (14) සිට වසර 52ක කාලයක් ඩෙන්මාර්කය පාලනය කළ දෙවැනි මාගරීටා රැජින විශ්‍රාම ගොස් ඇති බව වාර්තා වේ.

එරට නව රජු ලෙස ඇගේ වැඩිමහල් පුතු වන ෆෙඩ්‍රික් කුමරුගේ පදවිප්‍රාප්තිය යෙදී ඇත්තේ අද දිනයේදීම ඇය ධුරයෙන් විශ්‍රාම යාම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ, මෙම ඓතිහාසික සිදුවීම දැකගැනීමට එරට ජනතාව මේ වනවිට කෝපන්හේගන් අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයට රැස්ව සිටින බවයි.

55 හැවිරිදි කිරුළ හිමි කුමරු සහ ඔහුගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ උපන් මේරි කුමරිය නව රජු සහ රැජින ලෙස කිරුළු පැළඳීම වඩාත් විචිත්‍රවත් වනු ඇති බවද වාර්තා වේ.

2024 නව වසර වෙනුවෙන් ජාතිය අමතමින් කළ ප්‍රකාශය අතරතුර තමන් ධුරයෙන් ඉවත්වන බව රැජින නිවේදනය කළේය.

ඇය ඉතිහාසයට එක්වන්නේ වසර 900ක ඩෙන්මාර්ක රාජ්‍ය ධූරාවලිය තුළ රාජකීයත්වය අත්හළ පළමු අධිරාජ්‍යයා ලෙසටයි.

1972 වසරේදී තම පියා වූ 9 වැනි ෆ්‍රෙඩ්රික් රජුගේ අභාවයෙන් පසු රාජකීයත්වයට පත්වූ මාගරීටා රැජින 83 හැවිරිදි වියේ පසු වන බව වාර්තා වේ. .

දැනට ලෝකයේ රටක් පාලනය කරන එම රැජින ද ඇය බවට ඉතිහාස ගත වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BBCයට එරෙහිව ඩොලර් බිලියන 1-5ත් අතර වන්දි ඉල්ලා නඩු පවරන බව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : තමා විසින්...

කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක් හේතුවෙන් හත් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දීය පරිපාලනය...

කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්

ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව...