රතු සහල් හිඟයට අපි විසඳුම් දෙනවා!

Date:

කොළඹ LNW:හිඟයකින් තොරව වෙළෙඳපොළට රතු සහල් සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ,වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඉන්දියාවෙන් අවශ්‍ය රතු සහල් තොගයක් ලබා ගැනීම වෙනුවෙන් මේ වන විටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් 2025 වසරේදී රතු සහල් හිඟයක් ඇති නොවන පරිදි අවශ්‍ය වී වගාව සිදුකර ඇති බවද ඔහු කියාසිටියි.

”රතු සහල්වල යම් හිඟයක් තියෙනවා කියල අද සමාජය ඇතුලේ කතාබහක් ඇතිවෙලා තියෙනවා. 2024 මුළු අවුරුද්දෙම දෙලක්ෂ හැත්තෑහත් දහසක් හෙක්ටයාර වගාකරලා තියෙනවා. මහ කන්නයේ වගාකරලා තියෙනවා හෙක්ටයාර එක්ලක්ෂ හැත්තෑහය දහසක්. එතකොට යල කන්නයේ වගා කරලා තියෙන්නේ හෙක්ටයාර ලක්ෂයයි. වී අස්වැන්න ලැබිල තියෙන්නේ මෙට්‍රික් ටොන් හාරලක්ෂ තුන්දහස් අනූ හතක් වගේ ප්‍රමාණයක්. හත්ලක්ෂ හයදහසක් ලැබිල තියෙනවා මහ කන්නයේ. මේ අපි සූදානම් වෙන්නේ 2025 මහ කන්නයට. හෙක්ටයාර එක්ලක්ෂ හැට එක්දහස් හැටහතක් රතු වී සඳහා වගාකරලා තියෙනවා. අපේක්ෂා කරන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හයලක්ෂ හතළිස් අටදහස් දෙසිය දාසයක් ලෙස තමයි තියෙන්නේ. මේ 2025 අවුරුද්දට රතු සහල්වල හිඟයක් ඇතිවෙන්න විදිහක් නැහැ. 2024 හිටපු ආණ්ඩුව කරපු සමහර අමනෝඥ වැඩ නිසා තමයි අද තෛපොංගල් බත උයාගන්නත් බැරිවෙලා තියෙන්නේ. ජනතාවට රතු සහල් ලබාදීම වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ගතහැකි ක්‍රියාමාර්ග අපි ගත්තා. අපි ඉන්දියාවත් එක්කත් කතා කරලා රතු සහල් ගෙන්වීම සඳහා උත්සහයක් ගත්තා. මේ වෙනකොට අපි ටෙන්ඩර් කැඳවල තියෙනවා STC ආයතනය හරහා. රතු සහල් මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියක් ලබාගැනීම සඳහා. ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක පමණයි රතු සහල් තියෙන්නේ. ඉතාම අඩු ප්‍රමාණයක් ඔවුන්ටත් තියෙන්නේ. මිල වැඩිවීමක් තියෙනවා. ඉන්දියාවත් රතු සහල්වල මිල වැඩියි. මොන තත්ත්වය යටතේ හෝ රටට හාල් ප්‍රමාණයක් ගෙන්වීමට තමයි අපි උත්සහ කළේ. මේ හිඟය මතුකරපු මිනිස්සු අද රතු සහල් ගැන කතා කරනවා. හිඟය එන එක ගැන පුරෝකථනයක් හෝ තිබුණා නම් මේ වැඩේ නොකර ඉන්න තිබුණා. මේ සහල් වෙළෙඳපොළ තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය පාලනය කරල සහල් වෙළෙඳපොළ හිඟයකින් තොරව ලබාදෙන්න අපි අපේ අමාත්‍යාංශය වගේම වී අලෙවි මණ්ඩලයත් ඒකාබද්ධව කටයුතු කරනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සොනාල්ට ටෙස්ට් වරම්…!

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: ඇන්ජලෝ මැතිවිස්ගේ විශ්‍රාම යාම...

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...