ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ තනතුරු නව මුහුණුවරකින්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :

ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (27) පස්වරුවේ කොළඹ දී පැවති අතර 2026/2027 වසර සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම එහිදී සිදු වූ බව වාර්තා වේ.

එහිදී ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ සුරංග ජයලත් පත්ව ඇති බව වාර්තා වේ. නව සභාපතිවරයා ලෙස තේරී පත් වූ  සුරංග ජයලත් කැපිටල් මහරාජා සමූහයේ ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර , ලන්ඩන් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ (LCIA) ආසියා-පැසිෆික් පරිශීලක කවුන්සිලයේ සාමාජිකයෙකු ද වෙයි. හැටන් නැෂනල් බැංකුවේ (HNB) විධායක උප සභාපති (නීති) සහ ප්‍රධාන නීති නිලධාරිනී ලෙස කටයුතු කරන මෙලඩි එස්. වික්‍රමනායක  සහ කොළඹ විශ්වවිද්‍යාලයේ රංගිකා කොණ්ඩරාමගේ උප සභාපතිවරුන් ලෙස යළි තේරී පත් විය.

ලයන් බෲවරි (Lion Brewery) ආයතනයේ රුවන්දි තන්තිරිගේ ලේකම් ලෙසත්, රේණුකා ඇග්‍රෝ සමූහයේ (Renuka Agro Group) අසිත පීරිස් මහතා සහකාර ලේකම් ලෙසත් තේරී පත්ව තිබේ.

ජූලියස් ඇන්ඩ් ක්‍රීසි (Julius and Creasy) ආයතනයේ හවුල්කාරිනියක වන රාජිකා ලුවී භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූ අතර ඇන්සල් සමූහයේ (Ansell Group) විවේකා ඇන්තනි ශ්‍රී ලංකා ආයතනික නීතිඥ සංගමයේ සහකාර භාණ්ඩාගාරික ලෙස පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...