*
Wednesday, January 15, 2025
spot_img

Latest Posts

ඇමෙරිකාවේ ගිණි හා හිම රකුසාගේ අභියෝගය…!

අශෝක ජයතුංග

ජනවාරි 15 වොෂින්ටන් LNW :

ඩො බිලියන 290 ක් දැවීයයි……!

කාන්තා නියෝජනය, කළු ජතිකයන් හා සමරිසි අයිතීන් ගින්නට කල බලපෑම….?

ට්‍රම්ප් ගේ සුපුරුදු වාග් ප්‍රහාර……!

[ඇමෙරිකාවේ අගනගරය වන වොෂින්ටන් හි සති දෙකක් පුරා අඛණ්ඩ හිම පතනය හා ඝෘණ කාලගුණය විසින් ජන ජීවිතයට විශාල බලපෑම් කරමින් තිබේ. මහාමාර්ග හා පදික වේදිකාවල හිම දියවී යන්නට ලුනු ඇතිරුවේ නැති ප්‍රදේශ තවමත් දැඩි ව්‍යාකූලතාවකට මුහුණ දී තිබේ.

අවිරශ්මිය පතිත වුවද පරිසරය තුළ පවතින ඝෘණ උෂ්නත්වය හේතුවෙන් හිම දිය නොවන පසුබිමක් නිර්මාණයවී තිබේ. ඉවත් නොකල හිම මතින් වාහන හා ජනතාව ඇවිදයාම තුළ අවපැහැ ගැන්වුනු “හිම මඩ” නිර්මාණයවී අප්‍රසන්නතාවක් පෙන්නුම් කරමින් තිබේ.තවද Black Snow ලෙස පොළොවේ වීදුරුවක් ලෙස පවතින හිම මතට වාහන හෝ මිනිසෙකු පය තැබූවිට ලිස්සායාම හා ඒ තුළින් සිදුවූ අනතුරු ඉහළ යාම තවත් ගැටලුවකි. ඒ තුළ දෛනික හා සෙසු කටයුතු යම් මන්දගාමී බවක් ගෙන තිබේ.

එහෙත් එරට මුහුණ දුන් දැවැන්තම ව්‍යසනය ලොස් ඇන්ජලීස් හි මහා ලැව් ගින්නය. මේ වනවිට ගින්න හෙක්ටෙයාර් 45,000 ක පැතිර තිබේ. ජීවිත 30කට අධිකව හා කුඩා සතුන් අති විශාල සංඛ්‍යාවක් ඊට බිළිවී නිවාස හා ගොඩනැගිලි 2500 කට වැඩි සංඛ්‍යාවක් විනාශවී තිබේ. 23 ක් අතුරුදහන්ය.ලක්ෂයක් අවතැන්වී ඇති අතර තවත් 90,000 ක් අනතුරුදායි තත්වයකට මුහුණ දී සිටී.මේ වනවිට ඩො බිලියන 290 ක අලාභයක් සිදුව ඇතැයි ද අනුමාන කෙරේ. එරට ලැව් ගිනි වලින් සිදුවු විශාලම පාඩුව 2018 දී ඩො බිලි 12 ක් පමණකි. දේපොළ කොල්ලකෑම් ඉහළ ගොස් 14 ක් අත්අඩංගුවට ද පත්ව තිබේ.

ලොව ප්‍රකට හොළිවුඩය හා ඩිස්නිලන්තයට ද ගින්නේ බලපෑම විශාලය. නළු නිළියන් ගායක ගායිකාවන් සිනමා අධ්‍යක්ෂවරුන් කාර්මික ශිල්පීන් සිය ගණනකගේ නිවාස හා දේපොළ මෙන්ම සංචාරක ආකර්ශනය දිනූ ස්ථාන රැසක් ගින්නට බිළිවී තිබේ.

LA fire department හි 2022 අමුතු අර්බුදයක් හට ගත්තේය. එහි කාන්තා නියෝජනය, කළු ජාතික නියෝජනය හා සමරිසි අයට නිසි තැන නොලැබීම එම ගැටලුව විය.ඊට පිළියම් ලෙස එම ආයතනයේ ප්‍රධානම තනතුරු තුනම කාන්තාවන්ට හිමිවිය. එහි ප්‍රධානි කාන්තාව සමරිසි අයෙක් ලෙස ප්‍රකට අතර ඇය නගරයේ ගිණි ආරක්ෂාවට වඩා සමරිසි දේදුනු පෙළපාලි යාමට ප්‍රමුඛත්වය දුන් බවට චෝදනා එල්ල වෙමින් තිබේ. තවද නගරයේ ගිණි පාළනයට ජලය සැපයීම සමාගමකට පවරා තිබූ අතර ඔවුන් නිසි ලෙස ජලය නොසැපයුවාය යන චෝදනාව ද පවතී. අවසානයේ ගිණිනිවීමට මුහුදු ජලය පවා යොදා ගැනීමට සිදුවූ බවට ද වාර්තා විය. කැනඩාවෙන් පවා ගුවන්යානා ගෙන්වීමට සිදුවීම ගැන ද විවිධ මතවාද පවතී.

“මම ඔක්කොම බලාගෙන ඉන්නේ. ජනවාරි 20 දා දිව්රුම් දුන්නාම ඉතිරි ටික බලාගන්නම්” තේරී පත්ව ඇති ජනපති ට්‍රම්ප් සුපුරුදු වාග් ප්‍රහාර දැනටත් නිකුත්කර හමාරය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan