ඩිජිටල් හැදුනුම්පතේ අවදානමක් නැහැ.පදනම් විරහිත ප්‍රකාශවලට රැවටෙන්න එපා – නි.ඇ.එරංග වීරරත්න

Date:

කොළඹ LNW:නුදුරේදීම හදුන්වා දීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පතට අදාළ ජෛවමිතික දත්ත එකතු කිරීම ඉන්දියානු සමාගමකට ලබාදී ඇතැයි ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසයි.

එහෙයින් එවැනි පදනම් විරහිත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

නව ඩිජිටල් පුද්ගල හැඳුනුම්පත් මේ මස අවසන් වීමට පෙර නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා වන දත්ත පද්ධතිය නිර්මාණය කිරීම සඳහා යම් කාලයක් ගතවූ බව වීරරත්න මහතා කියාසිටියි.

මෙම ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ඇඟිලි සලකුණ, මුහුණ සහ ඇසේ කළු ඉංගිරියාවේ විස්තර ලබා ගැනීමේ පියවරයන් තුනක් අනුගමනය කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.

ඒ අනුව අලුතින් ලබාදෙන සියලුම හැඳුනුම්පත් ඩිජිටල් කිරීමට බලාපොරොත්තු වන අතර මේ වන විටත් හැඳුනුම්පත් ලබාගැනීමේ විශාල ප්‍රමාදයක් පවතින බැවින් එය අවම කිරීමට මේ තුළින් කටයුතු කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පවසයි.

ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය සකස් කිරීමට රුපියල් බිලියන 20ක් වැනි පිරිවැයක් දැරීමට සිදුවන බැවින් ඉන් අඩක් හෝ ඉන්දීය ආධාර යටතේ ලබා ගැනීමට තීරණය කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝට්ටු පෙරළීමෙන් ටහෝ විලෙහි අට දෙනෙක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු ඇමරිකාවේ විශාලතම...

වතු කම්කරු වැටුප් වැඩි වීම ගැන බලාපොරොත්තුවක්!

කොළඹ LNW:මෙම වසරේදී වතු කම්කරු දෛනික වැටුප රු.1700 දක්වා...

යුක්තිය මෙහෙයුමෙන් කළේ බොරුවක්ද? – මාස 05ට පොලීසිය හොයාගෙන තිබෙන අයිස් සහ හෙරොයින් තොගය!

කොළඹ LNW:පසුගිය මාස 05ක කාලය තුළ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ...