මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනපති අනුර!

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

අද (15) පෙරවරුවේ , චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹූ බව වාර්තා වේ.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක්ව ඇති අතර, මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වූ බව සඳහන් වේ.

මෙම අවස්ථාවන්ට , විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ  ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා  අමාත්‍ය බිමල් රත්නායක යන අයද එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රියාද්හි කිං ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට යළිත් හූති ප්‍රහාරයක්! එක් අයෙකු මරුට, 11කට තුවාල(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 12 : යේමනයේ...

හොරකම, නාස්තිය, දූෂණය, වංචාව 100%ක් නැතිකරන්න අපිට බැහැ – ඇමති නාමල්

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ හොරකම, නාස්තිය, දූෂණය සහ...

ඇතැම් ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 12) දිනයේදී දිවයිනේ බොහෝ...

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...