2024 වගාහානි වන්දි මුදලුත් සූදානම්!

Date:

කොළඹ LNW:2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොළොන්නරුව,අම්පාර, ත්‍රිකුණාමලය,මුලතිව්, වව්නියාව ආදි දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි එහි දැක්වෙන්නේ.

මඩකලපුව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ද 2025 පෙබරවාරි මුල වනවිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවසඳහන්.

මෙහිදි වන්දි මුදල් ගෙවීමේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීමට අදාළ සියලුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි හානියට පත් වගාකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුනරුදයට මඟ මහනවර දිස්ත්‍රික් සමාරම්භය අකුරණදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ග්‍රාමීය මාර්ග සංවර්ධනය කිරීමේ...

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...