2024 වගාහානි වන්දි මුදලුත් සූදානම්!

Date:

කොළඹ LNW:2024 නොවැම්බර් මස ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්කයන්හි වන්දි මුදල් නිදහස් කිරීමට අදාළ කටයුතු කරමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පොළොන්නරුව,අම්පාර, ත්‍රිකුණාමලය,මුලතිව්, වව්නියාව ආදි දිස්ත්‍රික්කවලට අදාළ වන්දි මුදල් මේ මස අවසන් වීමට පෙර ගෙවීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි එහි දැක්වෙන්නේ.

මඩකලපුව ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල වන්දි මුදල් ගෙවීම් කටයුතු ද 2025 පෙබරවාරි මුල වනවිට ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවසඳහන්.

මෙහිදි වන්දි මුදල් ගෙවීමේදී සිදුවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීමට අදාළ සියලුම ක්‍රියාමාර්ගයන් ගනිමින් වන්දි හානියට පත් වගාකරුවන්ගේ ගිණුම්වලට බැර කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝතප්ත විලේ මඩකරි ඇල්ලීම !

උපාලි කොළඹගේ කොළඹ LNW: සියල්ල සිදුවී හමාරය. දැන් කළ යුත්තේ...

ආපදාවෙන් විනාශ වූ රථ වාහන සම්බන්ධව තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, කොළඹ LNW : ආපදාවෙන් විනාශ වූ...

ආපදාවට ලක්වූ රූපලාවන්‍යාගාර යළි යථා තත්වයට පත්කරගැනීමට Dreamron වෙතින් අත්වැලක් !

පසුගිය දිනවල දිවයින පුරා පැවති ආපදා තත්වය හේතුවෙන් හානියට...

ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස...