බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW:

පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා තාම ඒක කරගන්න බැරිවෙලා-නාමල් රාජපක්ෂ

“බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා තාම ඒක කරගන්න බැරිවෙලා ” යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය,

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“ආණ්ඩුව මේ රටේ ජනතාවගේ ජීවන වියදම පාලනය කරන්න, දරාගත හැකි තැනකට මේ රටේ ජීවන වියදම ගේන්න, පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට යන වියදම යම් ප්‍රමාණයක් අවම කරන්න, ගෘහස්ථ ආර්ථිකය ශක්තිමත් කරන්න කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් අද වෙනකන් මේ අවුරුදු දෙක හමාරක් ඇතුළත ආණ්ඩුව ක්‍රියාත්මක කරලා නෑ. උද්ධමනය 8%ත් ඉක්මවා තියෙනවා. මේ මාසෙත් මේක වැඩි වෙනවා.

පහුගිය කාලේ ජනාධිපතිතුමා ගිහිල්ලා කිව්වා එතුමාගේ කාල සීමාවේ කිසිම බද්දක් වැඩි කරේ නෑ කිව්වා. කිසිම බදු ප්‍රමාණයක් අලුතෙන් ගැහුවේ නෑ කිව්වා. බලයට එනකොට නම් කිව්වා පාසල් උපකරණවලට, සෞඛ්‍යට අත්‍යවශ්‍ය ආහාරවලට වැට් එක අයින් කරනවා කියලා. හැබැයි අයින් කරේ නෑ,අර අහිංසක මිනිස්සුන්ගේ ගිණුම්වලට, පොලියට, වැට් එක දැම්මා. වාහනවල බදු වැඩි කරා. තව IT sector , උපදේශන සේවා, කන්සල්ටන්සිවලට බදු ගැහුවා.

පටන් ගත්තේ තොරතුරු තාක්ෂණය කේන්ද්‍ර කරගෙන මහා දැවැන්ත ආර්ථිකයක් හදන්න ඕනේ කියලා. ඒක හදන්න ඕනේ. අපිත් ඒ මතේ ඉන්නවා. හැබැයි මොකක්ද කරේ? IT sector එකේ ආණ්ඩුවෙන් කිසිම සහෝයෝගයක් නැතුව බොහොම අමාරුවෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සුන්ටත් වැට් එක ගැහුවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන සහනය පොදු ප්‍රවාහනයට සහ අත්‍යවශ්‍ය ප්‍රජාවට සීමා කිරීම ගැන අවධානය!

කොළඹ LNW:ඉන්ධන මිල සූත්‍රය, පෞද්ගලික ඉන්ධන සමාගම්වල තරගකාරීත්වය සහ...

මැතිවරණ පරාජයට ට්‍රම්ප් වගකිව යුතු බවට MAGA පාක්ෂිකයන්ගෙන් චෝදනා – ව්‍යාපාරයේ අනාගතය ගැනත් ප්‍රශ්න

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 09: ඇමෙරිකා එක්සත් ජනපදයේ...

මෙරට ඩොලර් සංචිතය ඩො. බි. 7.1ක් දක්වා ඉහළට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW: මහ බැංකුව විසින් අඛණ්ඩව...