කොළඹ කොටස් වෙළෙඳපොළෙහි අද සිදු වූ වෙනස!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

ගෙවුනු දින කිහිපය තුළ, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ගනුදෙණු කළ ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට ලැබුණද, අද (15) දිනයේ දී යළිත් එහි කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.

ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින, කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද, ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම එසේ මන්දගාමී වීමට හේතු විය.

කෙසේවෙතත් ඉන්පසු නැවත වරක් අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා යනු ලැබීය.ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් විය. රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...