කොළඹ කොටස් වෙළෙඳපොළෙහි අද සිදු වූ වෙනස!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 15, කොළඹ (LNW):

ගෙවුනු දින කිහිපය තුළ, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ගනුදෙණු කළ ආයෝජකයින්ගේ යම්කිසි මන්දගාමී බවක් දක්නට ලැබුණද, අද (15) දිනයේ දී යළිත් එහි කැපීපෙනෙන ඉහළ යාමක් දක්නට ලැබුණි.

ඉතිහාසයේ පළමු වරට පසුගිය ජනවාරි 02 දින, කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව අතික්‍රමණය කිරීමට සමත් වුවද, ඉන්පසු නැවතත් එම සීමාවෙන් මෙපිටට සියලු කොටස් මිල දර්ශකය පැමිණීම එසේ මන්දගාමී වීමට හේතු විය.

කෙසේවෙතත් ඉන්පසු නැවත වරක් අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා යනු ලැබීය.ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් විය. රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...