බංගලාදේශයේ හිටපු අගමැතිනි කලීඩා සියා දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අනාථ නිවාසවල දරුවන් සඳහා වන අරමුදල් ඩොලර් 260,000ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත 2018 වසරේ සිට සිරගත කර සිටි බංග්ලාදේශයේ හිටපු අගමැතිනි කලීඩා සියා එරට අධිකරණය විසින් නිදොස්කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

2001 සිට 2006 දක්වා ඇය අවසන් වරට අගමැතිව සිටියදී මෙලෙස අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කර තිබු අතර 2018 දී රටේ මහාධිකරණය විසින් ඇය වරදකරු බවට පත්කරන ලදී.

හිටපු අගමැතිනි ෂික් හසීනා රට හැර පලයාමත් සමඟ කරන ලද අභියචනයකට අනුව අගවිනිසුරු Syed Refaat Ahmed ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද(15) සියා සහ ඇගේ පුත්‍රයා සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපති තාරික් රහ්මාන් ඇතුළු නඩුවේ අනෙකුත් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...