දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

Date:

සටහන – නිෂ්මං රණසිංහ

ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී ක්‍රීඩා සංකිර්ණ යනු ලෝකයේ දියුණු සංකල්පයක් බව ප්‍රධාන වශයෙන් ලෝකයේ එවැනි ක්‍රීඩා සංකීර්ණ වර්ගීකරණයේදී ඉදරියෙන්ම ඇති ක්‍රීඩා සංකීර්ණ ඇති රටවල් විමසා බැලීමේදී හඳුනා ගන්නට අපහසු නැත. පරිසර හිතකාමී ක්‍රීඩා සංකීර්ණ ගොඩනැගීමේ ප්‍රධාන අරමුණු වන්නේ බලශක්තිය සහ ජලය සංරක්ෂණය කිරීම, නාස්තිය අඩු කිරීම, තිරසාර ද්‍රව්‍ය භාවිතා කිරීම සහ දූෂණය අඩු කිරීම මගින් පාරිසරික බලපෑම අවම කිරීම, ඒ සමඟම ප්‍රජා සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම, ප්‍රවේශ විය හැකි විනෝදාස්වාදය සැපයීම, කාර්යක්ෂමතාව තුළින් මූල්‍ය ඉතිරිකිරීම් නිර්මාණය කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා ආදර්ශ ලෙස සේවය කිරීමයි. මෙම පහසුකම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ රසිකයින්ට සෞඛ්‍ය සම්පන්න අවකාශයක් නිර්මාණය කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු කිරීම සහ පාරිසරික දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ලෝකයේ සිඳුවන මෙවැනි ප්‍රධාන ක්‍රීඩා සංකීරණ ඉදිකිරීමේදී දැනට වැඩිම අවධානයක් දිනාගත්,ඉහළ අරමුණු සහිත ක්‍රීඩාංගණ කිහිපයක් පහතින් දක්වා ඇත.
මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගනය (ඇට්ලන්ටා, ඇමරිකා එක්සත් ජනපදය): ශුන්‍ය අපද්‍රව්‍ය සඳහා ප්ලැටිනම් සත්‍ය සහතිකය පිරිනමන ලදී, සූර්ය බලය භාවිතා කරයි, දේශීය ආහාර මූලාශ්‍ර කෙරෙහි අවධානය යොමු කරක අතර සහ තිරසාර පරිසර හිතකාමී රසික හැසිරීම ප්‍රවර්ධනය කරයි.

දේශගුණික ප්‍රතිඥා ක්‍රීඩාංගනය (සියැටල්, ඇමරිකා එක්සත් ජනපදය): ලොව ප්‍රථම ශුද්ධ-ශුන්‍ය කාබන් සහතික කළ ක්‍රීඩාංගනය, 100% පුනර්ජනනීය විදුලිය මත ක්‍රියාත්මක වෙයි.අතර,

ජාතික ක්‍රීඩාංගනය (කාඕසියුං, තායිවානය): සමස්ත ක්‍රීඩාංගනයටම බලය සපයන සහ අතිරික්ත ශක්තිය අලෙවි කරන දැවැන්ත සූර්ය පැනල වහලයකින් සමන්විත වන අතර, පරිසර තාක්‍ෂණය සමඟ බැඳුණු විශ්මය ජනක නිර්මාණයකි.

ටොටන්හැම් හොට්ස්පර් ක්‍රීඩාංගනය (ලන්ඩන්, එක්සත් රාජධානිය): හරිත ශක්තිය සහ අපද්‍රව්‍ය අඩු කිරීම ඇතුළුව එහි පුළුල් තිරසාර මුලපිරීම් සඳහා පරිසර හිතකාමීත්වය පිළිගැනීමට ලක් වී ඇත.
මේ ඉහත අවධානය යොමුවන ලෝකයේ ක්‍රීඩාංගණ කියාපාන්නේ මානව වර්ගයා වෙතින් සිරුරෙන් කෙරෙන විශ්මිත දස්කම් ඉපදවීමම පමණක් නොවේය.පරිසරයට මිනිසා ආදරය කිරීම වගේම මිනිසා කෙරෙහි ආදරය පිරුණු පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමය.
ශ්‍රී ලංකාවේ දියගම ක්‍රීඩා සංකීර්ණය පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමට සහ ඒ අවට වනාන්තරය සුරැකීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා ගෙන ඇති තීරණය ද,ක්‍රිඩාව මානව ප්‍රේමී සාධකයක් බවට පෙරැළිම දක්වා දිගු විය යුතු එකකි.
අමාත්‍යවරයා එහි කළ නිරීක්ෂණ චාරිකාවකදී ක්‍රීඩා සංකීර්ණය අවට පිහිටි ස්වභාවික වනාන්තර පද්ධතිය සුරකිමින් සිදු කළ යුතු සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා අවධාරණය කළේ, ක්‍රීඩා සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී කිසිඳු ලෙසකින් වනාන්තරය විනාශ කිරීමට ඉඩ නොතබන බවයි.

පරිසර හානිය අවම වන පරිදි සංවර්ධන කටයුතු සිදු කළ යුතු අතර, මෙම වනාන්තර ප්‍රදේශය “පරිසර හිතකාමී සංචාරක කලාපයක්” (Eco-friendly Tourism) ලෙස ප්‍රචලිත කිරීමට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වනාන්තරය තුළ නිරීක්ෂණයක යෙදුණු අතර එහිදී අවධාරණය කළේ, නිසි අවසරයකින් තොරව බාහිර පුද්ගලයින් ඇතුළු වීම නිසා සිදු වන කසළ බැහැර කිරීම් සහ පරිසරයට අහිතකර ක්‍රියාකාරකම් හේතුවෙන් වනාන්තරයට හානි සිදුව ඇති බවයි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වනාන්තර සීමා ආරක්ෂිත වැටවල් යොදා ආවරණය කිරීමටත්, අවසරයකින් තොරව ඇතුළු වීම සහ අපරාධමය ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමටත් අමාත්‍යවරයා තීරණය කළේය.

පරිසර ක්‍රියාකාරීන් සමඟ එක්ව මෙම කලාපය පිරිසිදු කිරීමට සහ සංවර්ධනය කිරීමට ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක “One Million Volunteers” වැඩසටහන යොදා ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.

මේ කාරණාවන්ට අනුගතව මෙහි ක්‍රීඩා හෝටලයක් මෙන්ම විශේෂයෙන් මලල ක්‍රීඩා කටයුතු සඳහා යෝග්‍ය බිමක් ද ඉදිවන්නේනම් වැදගත් වනු ඇත.ඒවා පරිසර හිතකාමී තත්ත්වය ඇතුළේ ආදායම් ඉපයිය හැකි අවන්හල් ස්වරූපයෙන් මලල ක්‍රීඩා සංගමයට භාර දිය හැකිනම් එයින් ලැබෙන ආදායමෙන් සුගතදාස ක්‍රීඩා සංකීරණය වැනි තැනකට කුලී ආදායමක් වගේම මලල ක්‍රීඩා සංගමයට ද ආදායමක් උපයා ගනිමින් ඒවා නඩත්තු කර ගෙන යාමට හැකිවනු ඇත.ඒ වියදම කොපමණ ද යන්න දියගම ක්‍රීඩා සංකීරණයේදී ජාතික මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියක් පැවත්වෙන මොහොතේ කොට්ටාව සහ හෝමාගම අවට අවන්හල් උපයන ආදායම ගණනය කිරීමෙන් ලබා ගැනීමට හැකිය.
එසේම ප්‍රාදේශිය වශයෙන් හරිත ගෙවතු වගාවන් සඳහා ජනතාව පෙළඹවීමේ ව්‍යාපෘති ප්‍රාදේශිය මට්ටමෙන් ඇති කළ හැකි ඉඩකඩ ද එහි ඇති බැවින් අවන්හල වගේම පරිසර හිතකාමී ආහාර වගාවන් හී පල විකුණන ස්ථානයක් ලෙසත්,ඒවා ආහාර සඳහා පිසින ස්ථානයක් ලෙසත් වැඩි අවධානයක් දිනා ගැනීමට අවස්ථාව ඇත.
සෝලා විදුලි බලය තුළින් මේ සංකීරණයේම විදුලි නඩත්තුව කළ හැකිනම් එය ද පරිසරයට හිතකාමී මෙන්ම රටේ ආර්ථිකයට බලපාන අන්දමෙන් විදුලිය ඉතිරියක් සිඳු කරනු ඇත.


ක්‍රීඩා අමාත්‍යවරයා දියගම කළ පළමු සංචාරයේදී විනාශකාරී භාවිතාවන් ගැන විශාල තොරතුරු ගණනාවක්ම අනාවරණය කරන්නට යෙදිණ.මහින්ද රාජපක්ෂ ක්‍රීඩා පදනම විසින් කළ පාලනය,සැක සහිත මූල්‍ය ගණුදෙනු,ගිණුම් නොමැතිවීම් ආදිය සම්බන්ධයෙන් විශාල කරුණු ගණනාවක් ඉදිරිපත් කළේය.පසුව ඒවා සුළඟේ ගසාගෙන ගිය අතර එහි දී සාකච්ඡාවට ගැණුන සිඳුවිම්වලට අදාළ පුද්ගලයින් සමඟම සෘජුවමත්,ඔවුන්ගේ අතිශ්‍ය සමීප ඔවුන්ගේ වැරදි ක්‍රියාවන් සමඟ නම් ගැවුණ පිරිස් සමඟත් රටේ සමස්ත ක්‍රීඩාවේත්,විශේෂිත ක්‍රීඩාවලත් තීන්දු තිරණ ගනිමින් මේ වන විටත් කටයුතු කරමින් ඇත.ඒවා සම්බන්ධයෙන් සාක්ෂි සහිත කරුණු මාධ්‍ය මඟින් මෙන්ම පෞද්ගලිකවත් කරුනු ඉදිරිපත් කළත් ඒවා තඹයකට මායිම් නොකරන ක්‍රීඩා අමාත්‍යවරයා පළමු දියගම සංචාරයට වඩා වෙනත් මාර්ගයක සංචාරය කරන බව තහවුරු කර ඇත.
එවැනි මොහොතක අමාත්‍යවරයාගේ මේ සංචාරය සහ අදහස සමස්ත ක්‍රීඩාවටත්,සමාජයට ක්‍රීඩාවේ ආදරය,රැකවරණය ලැබෙන ව්‍යුහයමය වෙනසක් ලෙසත් ස්ථාපිත කරන්නේනම් විවේචනය කරන රළු ස්වභාවයට වෙනස් ලෙස ප්‍රශස්ත ලෙස ඇගයීමට ද සූදානම්ය.කාර්යයට සහ සිදුවිමට සාපේක්ෂව ඒ මත විවේචනය සහ ඇගයීම රැඳෙනු ඇත.
කැලය යනු නිවැරදි භාවිතාවෙන් සහ ආරක්ෂාවෙනු මිනිස් පැවත්ම වඩා සාධනීය ආකාරයට සුපහන් කර එළි පෙහෙළි කර දෙන්නක් බව පවසන අතරේම,අමාත්‍ය ඇඳුම තවත් කැලෑ ගමණකට ඔබින ලෙස පරිවර්ථනය වුණේ නම් මීට වඩා එලියක් සහ අවබෝධයක් ඒ තුළින් ලැබෙන්නට තිබුණ බව ද හැඟිණ.ඒත් සම්ප්‍රදායික ලාංකේය දේශපාලනය වේටිටිය සහ ටයි පටිය නැතුව ප්‍රභූත්වයෙන් තොර වන්නේ යැයි අවිඥාණික හැඟීමකින් කරන පෙළඹවීම සමාජය මත දැනෙනවාට වඩා බරට දේශපාලකයාටම දැනෙන දෙයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

Rebuilding Sri Lanka:දිට්වා අපදාවෙන් නැගිටීම සහ අරමුදල් කළමනාකරණය – ඉදිරිය කෙබඳුද?  

ආශිකා බ්‍රාහ්මණ  කොළඹ LNW:ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම ස්වාභවික ව්‍යසනයට...

කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට්...

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...