ක්‍රිස්ටීන් ලී: චීනය විසින් ප්ලාන්ට් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඔත්තුකාරිය ද?

Date:

MI5 අනතුරු ඇඟවීමෙන් පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් විසින් මෙයට අදාළව ලිපියක් ද මන්ත්‍රීවරුන් වෙත නිකුත් කර තිබේ.

කෙසේ නමුත් MI5 කියා සිටින්නේ, චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එක්සත් රාජධානියේ දේශපාලන ක්‍රියාකාරකම් සිදුකරමින් බ්‍රිතාන්‍ය දේශපාලනයට බලපෑම් කිරීම සඳහා ඇයව ‘ප්ලාන්ට් කර ඇති බව’ ය.

ක්‍රිස්ටීන් ලී නමින් MI5 විසින් හඳුන්වන මෙම කාන්තාව, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ මන්ත්‍රීවරයෙකු වන බැරී ගාඩිනර් සමග සම්බන්ධ වී සිටින සොලිසිටර්වරියකි. ඇය, චීනයේ UFWD නමැති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කටයුතු කරන බව කියැවේ. චීනය තුළත් විදේශ රටවල් තුළත් චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශයන් ව්‍යාප්ත කිරීමත්, විවේචන නිහඬ කිරීමත් භාරව තිබෙන්නේ මෙම අංශයට බව කියැවේ.

මේ අතර, තමන් ක්‍රිස්ටීන් ලීගෙන් ලේබර් පක්ෂය වෙනුවෙන් අරමුදල් ප්‍රදානයන් භාරගත් බව බැරී ගාඩ්නර් මන්ත්‍රීවරයා පිළිගෙන තිබේ. තවද මෙම කාන්තාවගේ පුත්‍රයා මේ වන විට ඔහු සමග වැඩ කරමින් සිටි බව ද ඔහු පිළිගෙන ඇත.

 බැරී ගාඩ්නර් සහ ක්‍රිස්ටීන් ලී

ක්‍රිස්ටීන් ලී පිළිබඳ දැන් කලෙක පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වෙමින් තිබේ. ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණක් ද පැවැත්වෙමින් තිබේ. නමුත් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය නිල වශයෙන් මෙසේ ඇය පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන්නේ ප්‍රථම වතාවට ය. මේ අනතුරු ඇඟවීමත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඇති ව තිබෙන්නේ ව්‍යාකූල තත්වයකි.

සොලිසිටර් කබායට මුවා වූ ඔත්තුකාරියක් ද?

ඔත්තුකාරයෝ/ ඔත්තුකාරියෝ විවිධ වේශයන්ගෙන් ජීවත් වෙති. උදාහරණයක් ලෙස ක්‍රිස්ටීන් ලී ගන්න. ඇය, චීනයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල රාජකාරියක් කරන කළු කබායක් හැඳි තැනැත්තියක නොවේ. එසේ විණි නම් ඇයට එංගලන්තය තුළ මෙතරම් පහසුවෙන් දිවි ගෙවීමට නොහැකි වනු ඇත. 2020 වසරේදී එක්සත් රාජධානියෙන් පිටුවහල් කළ චීන රහස් ඔත්තුකරුවන් තිදෙනාගේ සිද්ධිය ඔබට මතක නම්, ඔවුන් බ්‍රිතාන්‍යය තුළ ජීවත් වී තිබුණේ මාධ්‍යවේදීන් ලෙස ය.

බ්‍රිතාන්‍ය ස්වදේශීය කටයුතු ලේකම්වරයා විසින් දැනටමත්, ක්‍රිස්ටීන් ලී ගේ කටයුතු ‘සාපරාධී’ ගණයට අයත් වන බව කියා අවසන් ය.

නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෝ MI5, මෙම අනතුරු ඇඟවීමෙන් ඔබ්බට යමක් කිරීමට සමත් වනු ඇත්ද?

දැනටමත් කියැවෙන්නේ ඇගේ කටයුතු සොයාබැලීමට තරම් තාක්ෂණික ශක්‍යතාවයක් ඔවුන් සතුව නොමැති බව ය. ඒ තත්වයම, මෙම ආන්දෝලනය තවත් උග්‍ර කිරීමට හේතු වී තිබේ.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

කේරළය කොවිඩ් රෝගයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තය වෙයි!

රෂිකා හෙන්නායක ජුනි 10, කොළඹ LNW : ඉන්දියාවේ මේ වන...

හිටපු ජනපති රනිල් CID කැඳවයි!

කොළඹ LNW:හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන බදාදා දිනයේ...

විදුලි ගාස්තු සුබසාධනය කළ යුතුද ?

කලින් ලිපියෙන් කතා කළ මාතෘකාව වූ ලංවිම පාඩුවට පවත්වාගෙන...

අනුරාධපුර බන්ධනාගාරයේ ප්‍රශ්නය සහ නැවත මේවා නොවන්නට යෝජනා ….

බන්ධනාගාරයක සිරකරුවන් දෙජාතියක් ඉන්නවා. 01.රිමාන්ඩ් සිරකරුවන් හෙවත් රක්ෂිත භාරයට පත්...