පොහොට්ටුවේ කනට ගැසූ මෛත්‍රීගේ උකුසු බකුසු කතාව! (VIDEO)

Date:

පසුගිය මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 13 දෙනා පත් වුණේ මහාමේරු පර්වතය බිඳගෙන නෙලුම් මල් 13ක් පිපුණ ආකාරයෙන් බව ශ්‍රීලනිප සභාපති,හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (15) හම්බන්තොට පැවති ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන රැස්වීම අමතමිනි.

එපමණටම බාධක තිබුණු බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.

ගහන්න පුළුවන් හැම පැත්තෙන්ම ගැසූ අතර ඒ සජබය හෝ ජවිපෙ හෝ යූඑන්පීය නොව පොහොට්ටුවෙන්ම බව හෙතෙම සඳහන් කරන ලදී.

මැතිවරණ සමයේ තමන් ප්‍රකාශ කළ උකුස්සෙකු මෙන් ක්‍රියා කළ යුතු බවට වන කතාව මුල් කරගනිමින් පොහොට්ටුවේ අයම තමන්ට පහර දුන් බවත් තමන් කියපු කතාව නොවැටහුණු අය හිතුවේ තමන් පොහොට්ටුවට ගහන්න උත්සහ කරන බව යැයි මෛත්‍රීපාල සිරිසේන මහතා කියාසිටියේය.

එලෙස පැවසීමට තමන් කැමති වූ බවත් තමන්ගේ අයට උකුස්සා කීවේ බකමුණන් බවයි හෙතෙම පැවසුවේ.

මේ අතර රට තුළ ඇතිව තිබෙන ආර්ථිබැසිල් රාජපක්ෂක අර්බුදය ගෝලීය ප්‍රශ්නයක් නිසා නොව ආණ්ඩුවේ ආර්ථික විශේෂඥයින්ගේ නොහැකියාව මත ඇතිවූවක් බවද හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වත්තල ඔගස්ටීන් ….

වත්තල ඔගස්ටීන් භික්ෂුණීන් වගයකට අමතල. දැන් ඉන්නේ ඇතුලේ. හේතුව...

දකුණු ආසියාව ජයගත් ගුවන් හමුදා ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ඇගයේ

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ඉන්දියාවේ රංචි නුවරදී පැවති සිව්වන...

අද (04) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 04) දිනයේදී සබරගමුව, මධ්‍යම,...