*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

අපේකමට අමතරව ලෝක වෙළෙඳපොළට අවැසි ආකාරයේ අධ්‍යාපනයක් ඇති කළ යුතුයි – සජිත් (VIDEO)

ඉන්දියාවේ මෙන් අයිඅයිටී, අයිඅයිඑම් ආයතන අප රටේ බිහි කළ යුතු බවත් ඒ තුළින් කිසිදු දරුවෙකු අතරමං නොවන පරිසරයක් ඇති කළ යුතු බවත් සෑම අයකුටම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ උපාධි ලබා ගත නොහැකි වුවත් තමන්ට ඇති අනන්‍යතාව සහ රුචිකත්වය මත ඉදිරියට යා හැකි ක්‍රමයක් සකස් කළ යුතු බවත් අපේ කමට අමතරව ලෝක වෙළෙඳපොළට අවැසි ආකාරයේ අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ෆස්ට් නම් දේශප්‍රේමීත්වය ඇති කළ යුතු බවත් සමගි ජන බලවේගය එය විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SriLankaFirst වැඩපිළිවෙළ තුළ සියලුම සම්පත් ඒකරාශී කර ගෙන ඉදිරියට යා යුතු බවත් මේ රට තාරුණ්‍යයේ සිතුම් පැතුම් අභිලාෂ සාක්ෂාත් කරන වටපිටාවක් ඇති කර රටේ සංවර්ධනය තාරුණ්‍යට බාර දී තරුණයන් දේශපාලනඥයන් පාමුලට යන සංස්කෘතිය, වහල්භාවය නැති කළ යුතු බවත් තරුණයන් දේශපාලනඥයන්ගේ වහලුන් බවට පත් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, දේශපාලනඥයා සිදු කළ යුත්තේ රට තුළ තරුණයන්ට ඉදිරියට යා හැකි අවස්ථාවන් ඇති කිරීම බව සහ අවස්ථාවලින් සපිරි දේශයක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 70 වැනි බස් රථය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (13) එක්වෙමිනි.

සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කෙරිණි.

වසර 74ක කාලයක් රට වැඩක් කිරීමට නම් ආණ්ඩුවක් අවැසි බවට වන පුරුද්දක් තිබූ බවත් පසුගිය කාලය පුරා පැවැති විපක්ෂ විසින් සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීම මිස ජනතාවට සේවය කිරීම නොවන බවත් ඒ නිසා තට්ටු මාරු ක්‍රමයට බලය මාරු වූවා මිස ජනතාවට සේවයක් නොවූ බවත් ඒ නිසා උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව හැඳින්වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වන විට බංකොලොත්වී ඇති රට නැවත ගොඩ ගැනීමට නම් අලුත් ආකාරයට සිතිය යුතු බවත් 74 වසරක් සිටියා මෙන් විපක්ෂය විසින් බලය ලබා ගෙන රට හැදීම නොව බලය නොමැතිව වුව රට ගොඩනැගීමට විපක්ෂයට දායකත්වය ලබා දිය හැකි බව වත්මන් විපක්ෂය විසින් ඔප්පු කර ඇති බවත් සඳහන් කළේය. මේ වන විට බස් 70ක් පාසැල්වෙත ලබා දුන් බවත් ඒ සඳහා මිලියන 339.2ක් වැය වූ බවත් එසේ ම හුස්ම වැඩසටහන තුළින් රෝහල් 56කට ලක්ෂ 1719ක උපකරණ පරිත්‍යාග කළ බවත් මෙවැනි විශාල මුදලක් ජනතාව වෙනුවෙන් බලයක් නොමැති අවස්ථාවක වැය කළේ වත්මන් විපක්ෂය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මේ සියලු දේවල් සිදු කළේ ජනාධිපතිකම්, අගමැතිකම් හෝ ඇමතිකම් ලබා ගෙන නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනතාවට සේවය කිරීමට නම් රටේ ජනාධිපති, අගමැති හෝ වෙනත් ඉහළ තනතුරු අවශ්‍ය නොවන බවත් එය වත්මන් විපක්ෂය විසින් ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු වැඩ කරන විට විවිධ පුද්ගලයන් පුහු විවේචන සිදු කළත් ඒ කිසිදු විවේචනයකින් රට ගොඩ ගැනීමක් සිදු නොවන බව ද කියා සිටියේය. පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් මුදල් අච්චු ගැසීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජාත්‍යන්තරයේ අවධානය ලබා ගත හැකි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගත හැකි නායකත්වයක් අවශ්‍ය බවත් සෘණාත්මක පසුගාමී ප්‍රතිගාමී සිතිවිලි ඉවත් කර ධනාත්මක චින්තනය තුළින් රට ගොඩගැනීමට නව වැඩපිළිවෙළක් අවැසි බවත් සඳහන් කළේය.

මෙසේ අලුතින් සිතීම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ආරම්භ කරන විට අපහාස උපහාස කරන බවත් එසේ අපහාස උපහාස කරන පුද්ගලයන්ගේ දුවා දරුවන් ඉගෙන ගන්නේ විදෙස් රටවල බවත් එම පාසල් අධිසුඛෝපභෝගී පාසල් බවත් එසේ සුඛේපභෝගී දිවියක් ගත කරන ඔවුන් නිර්ධන පන්තිය වෙනුවෙන් කවුරුන් හෝ වැඩක් කරන විට විවේචනය කරන බවත් මෙසේ බස් රථ ලබා දෙන්නේ දේශපාලන අරමුණකින් නොවන බවත් මේ බස් රථ භාවිත කරන පාසල් දූ දරුවන් ජාතිය, ආගම, කුලය, පන්තිය මත බෙදා වෙන් කිරීමක් නොකර ඇති බවත් එය මෙරට අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බවත් කෙසේ හෝ පාසල් 10155ටම දෙස් විදෙස් ධානපතියන් උපයෝගී කර ගෙන සෑම පාසලක්ම දියුණුවෙන් දියුණුවට පත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.

එමෙන් ම කුමන ප්‍රදේශයක හෝ පාසලක් වේවා හරිත පාසලක් බවට පත් කර බවත් ඒ සඳහා ද අපහාස උපහාස සිදු කළත් ලෝකයේ නව ප්‍රවණතාවක් වන හරිත ප්‍රතිපත්තිය මෙරට පාසල් තුළ ද අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan