*
Wednesday, April 24, 2024
spot_img

Latest Posts

එක්තරා රැඳවුම් කඳවුරක කතාවක් : පල්ලෙකැලේ (11) පලායෑම සඳහා උමං හෑරීම ඇරඹෙයි !

මුර කපොළු හරහා පලායෑමට උත්සාහ කල රැඳවියන් වෙඩි වැදී මිය යාමත් සමඟ පලා යෑමේ අබිලාශයෙන් සිටි සෙසු රැඳවියන්ගේ ඊළඟ උත්සාහය වූයේ සාමූහික ලෙස පලා යෑමය. ඒ සඳහා ඔවුන්ගේ සැලසුම වී තිබුනේ කඳවුරෙන් පිටතට උමං මාර්ගයක් හාරා ගෙන ඒ හරහා පලා යෑමය.

නමුත් පරිපාලන නිලධාරීන් ගේ උකුසු ඇස් රැඳවියන් වෙතම එල්ලවී තිබූ වටපිටාවක් තුල එයද පහසු කාරියක් වන්නේ නැත. එසේම රැඳවියන් අතරම පරිපාලනයට තොරතුරු සපයන ඔත්තුකරුවන්ද සිටිය හැකිය. තවත් පැත්තකින් මේ කාර්‍ය්යේදී තාක්ෂනික ගැටලු විශාල ප්‍රමාණයකටද මුහුණ පෑමට සිදුවේ.

උමග හෑරීම පිනිස අවි ආයුධ උපකරණ යම් ප්‍රමාණයක්ද අවශ්‍යවේ. නමුත් ස්නානය සඳහා බාවිතාකරන බාල්දි කීපය හැර වෙනත් උපකරණ කිසිවක් රැඳවියන් සතුව තබා ගැනීම තහනම් වැඩකි. තවත් පැත්තකින් උමගය හැරීමේදී එළියට එන විශාල පස් ප්‍රමාණය නිලධාරීන්ගේ ඇස නොගැටෙන සේ සැඟවිය යුතුය. අනික් පැත්තෙන් පොළොව යටින් විශාල දුරක් හාරගෙන යනවිට ස්වසනය සඳහා ඔක්ෂිජන් හිඟවීමේ ප්‍රශ්නයක් ද මතුවේ.

නමුත් මේ සියළු අබියෝගවලට වඩා රැඳවියන් සතු ධෛර්ය ඉහලට එසවී තිබින. ඒ කෙසේ වෙතත් ඒ වනවිට පක්ෂය සම්පූර්ණයෙන්ම විනාශවී තිබූ නිසාත් කඳවුරෙන් පැන ගොස් එළියේ ජීවත්වීමේදී ඇති අන්තරාදායක බව නිසාත් සරසවි ශිෂ්‍යයන් හා තව බොහෝ අයෙක් මේ පලා යෑමට එකතු නොවීය. නමුත් එයට කොන්දේසි විරහිතව සහයොගය දිය යුතුය යන ස්තාවරයේ සෑම කෙනෙක්ම සිටියේය.

ලෙස්ලි අයියාද මේ පලායෑමට එක්ව නොසිටියේය. නමුත් ඔහු රහස් උමං මාර්ගය කැනෙමින් තිබියදී ඒ තුලට ගොස් උමග හාරමින් සිටි අයට උපදෙස් දෙනු දක්නට ලැබුනු අතර උමං තාක්ෂණයේ රහස් ඔහු විසින් රැඳවියන්ට උගන්වනු ලැබින. මෙහිදී රැඳවුම් ශාලා පරිශ්‍ර හතරෙන් තුනකම උමං හෑරීම ඇරඹිනි.

මෙසේ ශාලා පරිශ්‍ර තුනකින්ම උමං හැරීමේ අපේෂාව වූයේ පොළොව යට විශාල ගල් පර්වත ඇති බැවින් ඇතැම් උමං මාර්ග බාදාකාරී ගල් පර්වත නිසා අතරමග ඇන හිටියහොත් සාර්තක වූ පලමු උමං මගෙන්ම පැනයාම ය.

පළමු ශාලාව තුල උමඟ හෑරීම අරඹා තිබුනේ ශාලා මිදුලේ පොළොව යට තිබූ පරණ ආයෝජන මන්ඩලයට අයත් අත් හැරදමා තිබුන දැවැන්ත ඩීසල් ටැංකියක් තුලිනි. පොලොව යට ඇති මේ ඩීසල් ටැංකිය ගැන කඳවුරේ පරිපාලන නිලධාරීන් නොදැන තිබින. මෙහිදී මිදුලේ කොනක තිබූ බාවිතා නොවන මෑන් හෝල් කවුළුවක් තුලින් ඩීසල් ටැංකියට බැසීමට රහස් ප්‍රවේශයක් රැඳවියන් විසින් සාදාගෙන තිබින.

තෙවන ශාලාව තුල උමගය හෑරීම අරඹා තිබුනේ අඩි අටක් පමණ ගැඹුරු කොල රොඩු අතුගා දමන වලක පතුලෙනි. රාත්‍රියේ කොල රොඩු ඉවත් කර උමග හෑරීම සිදුකර පාන්දර උමං කට වසා කොලරොඩු පුරවා වල වසා දමයි.

මා සිටි ශාලාවේ උමඟය හෑරීම අරඹා තිබුනේ කඳවුරු මිදුලේ වැට අයිනට ආසන්නයේ තිබූ අත් හැර දමාතිබූ පරණ අඩි හතරේ පහේ පමණ ප්‍රමාණයේ වැසිකිලි කාමරයක් තුලිනි. මෙහිදී රාත්‍රී කාලයේ උමඟ හෑරීම සිදුවෙයි. දිවා කාලයේ කුඩා උමං කට උඩ පරණ බෙලෙක් තහඩු කැබැල්ලක් තැබෙයි. තහඩුව උඩ ළඟදී පැටවු ගැසූ බැල්ලක් පැටවුන්ද සමඟ එහි සිටී.

මේ බැල්ල රැඳවියන් විසින් ආහාර පාන දී හදාගත් බැල්ලකි. එසේ හෙයින් මේ බැල්ල රැඳවියන්ට හීලෑ උවද නිලධාරීන්ට හීලෑ නැත. උදෑසන සහ සවස කඳවුර පරීක්ෂා කිරීමට එන නිලධාරීන් පරණ වැසිකිලි කාමරයට ඔළුව දමා පරීක්ෂා කරන විට පැටවුන් සමඟ සිටින බැල්ල ගොරවා සපා කෑමට පනී. එවිට නිලධාරීන් එය මඟ හැර සැකයක් නොමැතිව එතනින් ඉවත්වී යයි. රැඳවියන් විසින් දිවා කාලය තුල උමං කට උඩ තබන බැල්ල හා පැටවුන් රාත්‍රී කාලයට ශාලාව තුලට ගනී.

උමඟ හෑරීමට අවශ්‍ය උපකරණ සාදා ගැනුනේ මෙසේය. රැඳවියන් පොල්කටු කැටයම් වැඩ කරන බව නිලධාරීන්ද දන්නා කාරනාවකි. එහිදී පොල් කටු වැඩ සඳහා අවශ්‍ය කුඩා හැක්සෝ තල කැබලි හා කුඩා පීරක් වැනි දෑ රැඳවියන් ලඟ තබා ගැනීම සාමාන්‍ය දෙයක් බවට පත්වී තිබින. එහිදී රැඳවියන් නේවාසිකව සිටි පැරණි බී.ඕ.අයි. ශාලාවේ ජනෙල් කම්බි කූරු කපා ගැනීම මේ හැක්සෝ තල හරහා පහසුවෙන්ම කරගත හැකිවිය.

ඊළඟට පොල්කටු කැටයම් වැඩ සඳහා යැයි කියමින් මුළුතැන්ගෙයින් පොල් කටු ගෙන්වා පොල්කටු පුළුස්සා යකඩ කම්බි ගිනියම් කර යකඩ කූරූ තලා ගැනීමටද රැඳවියන්ට හැකිවිය. උමං හෑරීමට අවශ්‍ය යකඩ උල් හා යකඩ තල හැදුනේ එසේය.

මේ උමං කර්මාන්තයේදී රැඳවියන් මුහුණ දුන් ඊළඟ දැවැන්ත ප්‍රශ්නය උමඟෙන් ගොඩගන්නා මහා පස් කන්ද සඟවාතබන්නේ කෙසේද යන උබතෝකෝටිකයටය. එයටද රැඳවියන් විසඳුම් දෙකක් සොයාගෙන තිබින.


එකක්, කඳවුරු මිදුලේ තිබූ කුඩා වොලිබෝල් පිටිය ටිකක් ලොකුකර ගැනීම පිනිස අසල තිබූ කුඩා ඇල්ල කැපීමට පරිපාලනයෙන් අවසර ඉල්ලීමය. එහිදී ඒ සඳහා පරිපාලනයෙන් අවසර ලැබින. ඒත් සමඟ පස් කැපීම සඳහා පරිපාලනයෙන් කුඩා උදැල්ලක්ද ලැබින. ( මේ උදැල්ල දිවා කාලයේ ඇල්ල කැපීමට බාවිතාවන අතර රාත්‍රී කාලයේදී උමඟ හෑරීම බාවිතාවේ) මෙහිදී වොලිබෝල් කෝට් එකේ ඇල්ල කැපෙන පස් සමඟ උමං පස්ද කළවමට රහසේ ගොඩ ගැසේ.

අනෙක් විසඳුම උමං කටෙන් ගොඩ එන මැටි පස් හොඳින් දියකර රැඳවියන් ගේ වැසිකිළි ඩ්‍රෙනේජ් වලට දැමීමයි. මෙහිදී පිටින් ගලි බවුසර් ගෙන්වා ළඟ ළඟ වැසිකිලි වල හිස් කිරීමට නිලධාරීන්ට සිදු වුවද ඔවුන් තුලද ඒ ගැන වැඩි සැකයක් ඇතිවූයේ නැත.

මේ ක්‍රියාමාර්ග කෙතරම් සියුම් ලෙස සිදු උනේ දැයි කියතොත් දිගු උමඟය හාරා අවසන් වන තෙක්ම මේ කිසිවක් නිලධාරීන්ගේ උකුසු ඇස් වලට හසුවූයේ නැත.

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

පෙරලිපි –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan