මෛත්‍රී නිසා ශ්‍රීලනිපය හෙලිකොප්ටරයෙන් එළියට විසිවෙන ලකුණු !

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුතින් බිහිකෙරුණු නිදහස් ජනතා සන්ධානයෙන් ඉවත් වන්නේද, නැද්ද යන්න පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (15) ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් ශ්‍රීලනිප නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වින්දිතයින්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 12 වනදා තීන්දු කිරීමත් සමග සන්ධානයේ සෙසු පක්ෂ වෙතින් ඒ මහතාට එල්ල වී ඇති විරෝධය මීට හේතුවී ඇති බව සඳහන්.

විශේෂයෙන්ම නිදහස් ජනතා සන්ධානය එළිදක්වා පැය 24ක් ගත වන්නටත් පෙර මෙවැන්නක් සිදුවීම තුළින් එම සන්ධානයේ දේශපාලන ගමනට දරුණු හානියක් සිදුව ඇති බව එහි සෙසු නායකයින්ගේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මුලින් ශ්‍රීලනිපයෙන් විමසීමේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වයෙන් සහ නිදහස් ජනතා සන්ධානයෙහි සම සභාපතිත්වයෙන් ඉවත් වනු ඇතැයි ප්‍රකාශ කෙරී ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප නායකත්වයෙන් ඉවත් වනවා වෙනුවට ඒ මහතා එම තනතුරෙහිම සිටිමින් ශ්‍රීලනිපය හෙලිකොප්ටර් සන්ධානයෙන් ඉවත් කරගැනීමට යෝජනා වී ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දී BOI නව ගමනක!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : 2026 වසරේදී,...

එළවළු මිල සීඝ්‍ර ලෙස ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 20, කොළඹ LNW : පසුගිය දා සිදු...

පව් අනිත් පිටවල්වලත් බැදීමට ප්‍රමෝදය සූදානම් වෙයි…

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: ශාරිරික යෝග්‍යතාවය වැනි කරුණු...

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම පිළිබඳ චීනයෙන් යළි දැඩි විරෝධයක්!

කොළඹ LNW:ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීම...