*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 01/15

  1. ෆිච් රේටිංස් ආයතනය දේශීය බැංකුවල ජාතික දිගු-කාලීන ශ්‍රේණිගත කිරීම් පහත දමයි – ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කාර්ගිල්ස් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, එන්ඩීබී බැංකුව, සේලාන් බැංකුව සහ නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ අතර වේ – ස්වෛරී දේශීය ණය පැහැර හැරීමක් සිදුවූවහොත්, බලධාරීන් විසින් තම දේශීය-මූල්‍ය වගකීම් ඉටුකරන බැංකුවලට සීමාපැනවීමේ අවදානම වැඩිවිය හැකිබවට අනතුරු අඟවයි.
  2. අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පහසුකම හරහා, ශ්‍රී ලංකාවට වසර 04 ක කාලයක් තුළ සමස්ත ඇ.ඩො. මිලියන 2,900 කින් මාස 06 කට ඇ.ඩො. මිලියන 362 ක් බැගින් පමණක් හිමිවනු ඇති බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි – ණය උපදේශකයන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය පරිදි වැඩ සිදුවීමට ඉඩ ලබා දුන්නහොත්, විදේශීය සහ දේශීය ණයහිමියන්ට විශාල කප්පාදුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ද අනතුරු අඟවයි – තමා අධිපතිවරයා ලෙස ධුරය හෙබවූ මාස 06 හමාරක කාලය තුළ ද්වීපාර්ශ්වික මූල්‍යකරණය හරහා ඇ.ඩො. මිලියන 4,000 ක් හිමිවූ බවත්, ඇ.ඩා. මිලියන 10,700 ක දිගුකාලීන මුදල් ගලාඒමක් (pipeline) ආරක්ෂාකර ගත් බවත් අවධාරණය කරයි.
  3. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය එහි මෙගාවොට් 900 ක සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු නැව්ගත කිරීම් 12 අප්‍රේල් 20 වන දිනට පෙර ගෙන ආ යුතු සහ එමඟින් අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා වූ මෝසම් කාලය කලමනාකරණය කර ගත යුතු බැවින් එම ගල් අඟුරු නැව්ගත කිරීම් ගෙන්වා ගැනීමේ කාලය එන්න එන්නම ප්‍රමාද වෙමින් පවතින බව මහ බැංකු ආරංචිමාර්ග අනතුරු අඟවයි.
  4. ඉකුත් ජූලි 09 වන දින අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත්කර ගත් මොහොතේ ජනාධිපති මන්දිරය තුළ තිබී සොයා ගත් රු. මිලියන 17.5 ක මුදලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියට නියෝග කරයි.
  5. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර දෙපාර්තමේන්තු උප අමාත්‍ය චෙන් සූ සහ ජනපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවැත්වෙයි – චීන ජනපති ෂී ජින්පිංග්ගෙන් ලද ලිපියක් භාර දීම සිදුවෙයි – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීනයේ සහාය බලාපොරොත්තුවන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි.
  6. ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සාකච්ඡා ජපානය සමඟ පවත්වා අවසන් බවත්, එළඹෙන සතියේ චීනයේ එක්සිම් බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි – එළඹෙන ජනවාරි 19 වන දින ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ ද ණය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
  7. කොවිඩ් විධිවිධාන නිකුත් කිරීමේ බලය හිමිවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි – ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට පැනවූ කොවිඩ් විධිවිධානවලට වලංගුභාවයක් නොමැති බව ද පවසයි.
  8. සුරතල් සතුන් ඇතිකළ හැකි නිවාස කාමර සඳහා අනුමැතිය ලබා දීමට සහාධිපත්‍ය කලමනාකරණ අධිකාරිය සූදානමින් – මෙම අනුමැතිය හිමිවන්නේ අලුතින් ඉදිකරන ලද නිවාස කාමර සඳහා පමණි – එවන් අවස්ථාවලදී අදාළ ඔප්පුව තුළ සුරතල් සතුන් ඇතිකිරීමට අවසර ලබා දෙන වගන්තියක් ඇතුළත් විය යුතුය.
  9. තෙල් නැව්ගත කිරීම්වලට ගෙවීමට අවශ්‍ය විදේශ මුදල් සොයාගැනීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව අපොහොසත් වීම මත ඇ.ඩො. මිලියන 65 ක ගෙවීමක් සිදු කිරීමට නොහැකි වීම නිසා මර්බන් තෙල් රැගත් නෞකාවක් සති තුනකට වැඩි කාලයක් තිස්සේ වරායේ නැංගුරම් ලා තිබෙන බව බලශක්ති අමාත්‍ය ආරංචිමාර්ග පවසයි – දැනටමත් භාවිතයට ගත් බොරතෙල් සඳහා ඇ.ඩො. මිලියන 40 කට අධික මුදලක් ගෙවීමට එම සංස්ථාවට සිදුව ඇති අතර, ගෙවීම් සිදුනොකිරීම මත ඇ.ඩො. මිලියන 60 කට අධික බොරතෙල් හිඟයකින් ශ්‍රී ලංකාව පසුවන බව ද සඳහන්.
  10. ව්‍යාපාර ආරක්ෂා කර ගැනීමට සහ අවශ්‍ය සහන සැලසීමට ණය සහන කාලය දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි – මේ පිළිබඳ සොයා බැලීමට මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan