සිරිල් ගාමිණී පියතුමන් රහස් පොලීසියට කැඳවූ බවට පළවන පුවත අසත්‍යයි!

Date:

පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉල්ලා අරගල කරන පිරිස අතර වූ ප්‍රභල හඬක් වන සිරිල් ගාමිණී පියතුමන් හෙට (16) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවට පළවන පුවත අසත්‍ය බව වාර්තා වේ.

LNW අප සිරිල් ගාමිණී පියතුමන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ අපට තහවුරු කර සිටියේ හෙට දිනයේ එවැනි කිසිඳු කැඳවීමක් තමාට සිදුකර නොමැති බවයි.

මේ අතර, හෙට දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට උදෑසන 9 සිට මධ්‍යහන 12 දක්වා නිහඬ යාඥාවක් පැවැත්වීමට කිතුණු බැතිමතුන් සැලසුම්කර ඇති අතර, මෙම නිහඬ යාඥා කිරීමේ අවස්ථාවට කිතුණු පූජකවරුන් සහ බැතිමතුන් සහභාගී වීමට නියමිත ය.

මෙම නිහඬ යාඥා කිරීමේ අවස්ථාවට සියලු ජනතාවට සහභාගීවන ලෙස සංවිධායකයන් විසින් ආරාධනා කර සිටින බව ද සඳහන්.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...