බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නව නීති සම්පාදනය අපේක්ෂා කරන බව අගමැතිවරයා මහනුවර දී පවසයි.

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 15,
මහනුවර (LNW): බුදු දහමට සිදුවන තර්ජන මැඩලීම සඳහා නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
පවිටු පාර්ශවවලින් එල්ලවන බලපෑම් හමුවේ බුදු දහම සුරක්ෂිත කර ගැනීම සම්බන්ධයෙන් මහා නායක හිමිවරුන් ද තමන් දැනුවත් කළ බව ඊයේ (14) අග්‍රාමාත්‍යවරයා කීවේය.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගත් අග්‍රාමාත්‍යවරයා සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් බැදැ දැක මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

ධර්මයට හානි කිරීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සිය මුදල් විවිධ අකටයුතුකම් සඳහා යොදවන ආකාරය හෙළි දරව් වී ඇතැයි එහිදී කී අග්‍රමාත්‍යවරයා, එවැනි සිද්ධි සම්බන්ධයෙන් මේ වන විට දැඩි අවධානය යොමු කොට ඇතැයි කීහ. සම්බුද්ධ ශාසනය, ආගමික කටයුතු හා ඒවැනි විශේෂ ක්ෂේත්‍රයන්ට සිදුකරන හානි සම්බන්ධයෙන් විමර්ශන කොට එවැනි දේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බව ද ඒ මහතා කීවේය.
ග්‍රාමීය ආර්ථීක සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මහා නායක හිමියන් දැනුවත් කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහෙදී ප්‍රකාශ කළේය. ගමින් ගමට ආර්ථක පුනර්ජීවනයක් උදා කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි කී ඒ මහතා කන්ද උඩරටට එහිදී විශේෂ අවධානයක් හිමිවන බව ද කීහ.

රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් ග්‍රාමීය ජනතාවට ප්‍රමාණයක් ආදායමක් හිමිකර දීම පිළිබදව එහිදී වැඩි අවධානයක් යොමු වී ඇතැයි ද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.
පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීම රජයේ ප්‍රධාන අපේක්ෂාවක් වී ඇති බවත් ඒ සඳහා සියලු පුරවැසියන් ඒකරාශී විය යුතු යැයි අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩිහිටියන්ට සුබ පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) දින අගෝස්තු...

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...