*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

සීඑච් ඉදිරියේ පොලිසිය පසුබසියි

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 15 කොළඹ (LNW): නිපොන් පේන්ට් ජාතික රග්බි ලීග් සූරතාවලියේ ඉරිදා කොළඹ තුරඟ තරග පිටියේ පැවති සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම සහ පොලිස් කණ්ඩායම අතර තරගයෙන් සීඑච් ක්‍රීඩකයෝ ලකුණු 18 – 12 ක ජයක් ලබා ගත්හ..රගයේ පළමු අර්ධයේදී ම සිඑච් ක්‍රීඩකයෝ ලකුණු 18 ක් රැස් කළ අතර පොලිස් ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 7 ක් පමණි.

එහෙත් දෙවන අර්ධයේදී සීඑච් ක්‍රීඩකයන්ට එරෙහිව ආරක්ෂාව තර කරන ලද පොලිස් බල ඇණිය කිසිඳු ලකුණක් නොදීමට වගා බලා ගන්නා ලදී.එහෙත් ඔවුන්ට සීඑච් වෙතින් ද ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 5 ක් පමණි.දෙවන අර්ධයේ දී 5- 0 ක් ලෙස ඉදිරියෙන් සිටීමට පොලිසියට හැකි වුව ද,තරගයේ මුල් අර්ධයේ ලබා ගත් වාසිය රැක ගනිමින් සමස්ත තරගයේ ජය සීඑච් ක්‍රීඩකයින් දිනා ගත්තේය.
සිඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් තුනකම් වාර්තා විය.ඒවා ගිහාන් පෙරේරා,ගිමිහාන් මිතුන් සහ අබ්සාල් මොහොමඩ් විසින් වාර්තා කරන්නට යෙදිණ.සීඑච් කණ්ඩායමට ඉතිරි ලකුණු 3 එකතු වුණේ හිරුෂාන් නෙත්මිණ වාර්තා කළ දඩුවම් පහරකින්ය.

පොලිස් කණ්ඩායම වෙනුවෙන් හිරන්ත පෙරේරා සහ මිතුන් හපුගොඩ උත්සාහක දිණුම් දෙකක් වාර්තා කරන්නට යෙදුණු අතර ඉන් එක් උත්සාහක දිණුමක ප්‍රවර්ථනය සාර්ථක ලෙස නිමා කරන්නට යොහාන් පීරිස් සමත් විය.තරගය සීඑච් ක්‍රීඩකයින් ජය ගත්තද දැඩි පීඩනයක් පොලිසියෙන් එල්ල වූ අතර එය මැඩීමට ගත් දැඩි වෙහෙසකර උත්සාහයන් නිසා සීඑච් ක්‍රීඩකයින් අතින් සිඳු වූ නීති විරෝධි ක්‍රීඩා රටාව පදනම් කරගෙන සිව් දෙනෙක්ම කහ කාඩ් අවවාදයට ලක් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan