මේක වරදකරුවන් යටගහන ආණ්ඩුවක්. මේ ක්‍රමය අපට පිළිගන්න බැහැ – කාදිනල් හිමිගෙන් චෝදනා

Date:

කොළඹ LNW:බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් ඇටවීමේ සිද්ධියට අදාළව ඊයේ (14) දිනට වසර දෙකක් ගත වුවද සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විරෝධය පළ කර සිටියි.

ඒ අනුව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දිව්‍ය පූජාවෙන් පසු දේවස්ථානය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

අත්බෝම්බය තැබීමට පැමිණි පුද්ගලයාව CCTV දර්ශන වලින් පැහැදිලිව හඳුනා ගැනීමට හැකියාව තිබියදී අද වෙනතුරු අත්අඩංගුවට නොගැනීමේ කවුරු ආරක්ෂා කිරීමට උත්සහ කරන්නේද යන ප්‍රශ්නය මතුවන බවයි කාදිනල් හිමියන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

”මීට අවුරුදු දෙකකට පෙර ජනවාරි මස 11 වැනිදා මේ දේවස්ථානයේ තිබිලා හෑන්ඩ් ග්‍රෙනේඩ් එකක් හොයා ගනු ලැබුවා. කවුද ඒක තිබ්බේ කියල විමර්ශනයක් සිදුවෙන්නත් කලින් පොලීසියේ ලොකු අය මෙතනට ඇවිල්ල දේවස්ථානයේ සේවය කරපු දෙන්නේකුවයි එතන උදව්වට ආපු ළමයෙකුයි අරන් ගියා. CCTV දර්ශන විග්‍රනහ කරලා බලන කොට අපි දැක්කා එක්කෙනෙක් ඇවිල්ල මේ හෑන්ඩ් ග්‍රෙනේඩ් එක තියල යන බව. ඒ මනුස්සයාගේ මුහුණ පැහැදිලිව දකින්නට ලැබුණත් පොලීසිය අද වන තුරු හරියාකාර විමර්ශනයක් සිදුකළේ නැහැ. ඒ නිසා අදත් අපි අහන්නේ මේ මනුස්සයගේ මුහුණ පැහැදිලිවම දර්ශනවල තියෙද්දී ඇයි ඒ මනුස්සයව අල්ලන්නේ නැත්තේ. අහක ඉන්න මිනිස්සුන්ව අල්ලාගෙන ගිහිල්ලා ඒ ගොල්ලන්ගේ කර උඩ දාන්න හැදුවේ ඇයි? කාවද මේකෙන් හංගන්න හැදුවේ කියන ප්‍රශ්නය තමයි අපට තියෙන්නේ අදත්. ඒ වගේම පාස්කු ප්‍රහාරයට අදාළ මහ මොළකරුවන් කවුද කියන එක හඳුනා ගෙන නැහැ. ඒ ඔක්කොම යටගහනවා මේ ආණ්ඩු කරන අය. ඒ නිසා මේ ක්‍රමය අපට පිළිගන්න බැහැ කියන එක තමයි විරෝධතාවයෙන් අපි පෙන්නුම් කරන්න උත්සහ කරන්නේ.” යනුවෙන් කාදිනල් හිමිපාණන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත්...

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...