වෙන කතා වැඩක් නැහැ. බලය ගන්නම ඕනේ – AKD

කොළඹ LNW: මේ වන විට රටකට මෙන්ම ජනතාවට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් සිදුව ඇති හෙයින් දැන් සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනතාව ලෙස විවිධ දේ කර ගොඩ යන්න උත්සහ කර බැලුවද කිසිවක් සාර්ථක නොවන්නේ කළ යුතු අවශ්‍යම දේ නොකර සිටීම නිසා වන අතර වේදනාත්මක ජීවිතයෙන් මිදීමට නම් අවශ්‍යයෙන් කළ යුතු වන්නේ දේශපාලන වෙනසක් ඇති කිරීම බව දිසානායක මහතා සඳහන් කරයි.

ඒ අනුව බලය ගන්නවා හැර වෙන දෙයක කිරීමට නොමැති බව හෙතෙම ප්‍රකාශ කරයි.

”කඩයක් පටන් ගන්නවා කඩේ වහනවා ත්‍රීවීල් එකක් ගන්නවා ත්‍රීවීල් එකත් විකුණනවා නෝනා රට යවනවා මොකක්ද ඇතිවෙච්ච ප්‍රතිඵලය. ගොඩ ගියේ නැහැ. ගොවිතැන කරන ජනතාව ගොවිතැන මාරු කරලා බැලුවා. ලුණුගම්වෙහෙර පැත්තේ වගාකරන කුඹුර අයින් කරලා කෙහෙල් හිටවල බැලුවා. මොකක්ද සිද්ධ වුණේ. ඒ නිසා මේ වේදනාවෙන් ගොඩ ඒම සඳහා ජීවිත කළේ නොකරන ලද දෙයක් නැහැ. හැබැයි ගොඩගියේ නැහැ. මොකද අපි අවශ්‍ය දේ කරලා නැහැ. මේ වේදනාවෙන් මිදීම සඳහා කළ යුතු අවශයම දේ තමයි දේශපාලන වෙනස. හරියටම කෙලින්ම කිව්වොත් අපි බලය ගන්න ඕනේ. මෙතන වෙන මුකුත් නැහැ. එතනින් එහාට කතා නැහැ. බලය ගතයුතුයි. ඇයි ඒ?රටකටත් ජනතාවටත් වෙන්න පුළුවන් සියලුම පන්නයේ විනාශයන් සිදුව ඉවරයි. දැන් ජනතාව සියලු දෙනා නැගිටින්න ඕනේ. දැන් අපි ඉස්සරහ තියෙන්නේ මොකක්ද අපි ඔක්කොටම කතාවෙලා එක්ව වැනසෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔක්කොටම කතාවෙලා නැගිටින්න පුළුවන්. මොකක්ද අපි තෝරාගන්නේ. වැනසෙන්න ද ? නැගිටින්නද? අපි නැගිටින්න ඕනා.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් අවධාරණය කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...