හෙට (16) සිට රුහුණු කුමාරි නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): හෙට (16) සිට රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මගී ජනතාවට වඩාත් පහසු සේවාවක් ලබා දීම සඳහා මාතර සිට රුහුණුකුමාරි දුම්රිය නැවතත් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බව ඇමැතිවරයා කියා සිටී.

ඇමැතිවරයා සඳහන් කළේ, පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් විසින් තමා වෙත කළ දැනුම්දීම් අනුව රුහුණු කුමාරි දුම්රිය නැවතත් මාතර සිට ධාවනය කිරීමට පියවර ගත් බවයි.

ඉන්දියාවෙන් නව දුම්රිය එන්ජින් ලැබුණු පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන් පහසුකම් වඩාත් පුළුල් කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යළිත් සතියේ විශාලම පරාජය ලංගමට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේද දැවන්ත...

“Justice Mission 2025” දෙවන දිනය ආරම්භ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය තායිවානය වටා...

භූමරංග රංග සහ පවිත්‍රට ඇති පවිත්‍ර කිරීමේ අභියෝග

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: ඉකුත් සති අන්තයේ මහනුවර...

දිට්වා අතර මඟ නැවතූ මණ්ඩතිව්, යළි වැඩ අරඹයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: දිට්වා සුළි කුණාටුව හේතුවෙන්...