*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් හෙට වැඩ වර්ජනයේ!

කොළඹ LNW: වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනාවට සාපේක්ෂව සිය දීමනාවද වැඩිකරන ලෙස බලකරමින් හෙට (16) සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක පමණ ප්‍රමාණයක් මෙම වැඩවර්ජනය සමඟ එක්වීමට නියමිත බවයි දැක්වෙන්නේ.

පසුගිය 09 වැනිදා සිට දින තුනක් සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක නිරත වූ අතර රෝගී ජනතාවගේ සහයට යුද හමුදාවද කැඳවීමට රජය කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් ඊට සාධනීය ප්‍රතිචාරයක් රජය පාර්ශවයෙන් ඉටු නොවීම නිසා හෙට දින යළි වැඩවර්ජනයක් කැඳවීමටයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් තීරණය කර ඇත්තේ.

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාව (Disturbance, Availability and Transport allowance – DAT) රු.35,000 සිට රු. 70,000ක් දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙම ගැටළුව මතුව තිබේ.

වෛද්‍යවරුන්ට ලබා දෙන දීමනාවට සාපේක්ෂව තමන්ට ලබා දෙන දීමනා රුපියල් 35,000 කින් වැඩි කරන ලෙසයි පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඉල්ලා සිටින්නේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan