*
Friday, May 3, 2024
spot_img

Latest Posts

Blue Flag Certificat ලබා ගැනීමට සූදානම් වන ශ්‍රී ලංකාව!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): දිවයිනේ වෙරළ තීරය, තිරසාර වෙරළ තීරයක් ලෙස ලොවට ප්‍රදර්ශනය කෙරෙන නිල් කොඩි සහතිකය (Blue Flag Certificat) ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.

සමුද්‍ර සංරක්ෂණයේ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස මෙය සැලකේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු අවධාරණය කරන්නේ, වෙරළ තීරයේ තිරසාරභාවය, වෙරළ භාවිතා කරන්නන්ගේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාවට අමතරව අභ්‍යන්තර ජල මූලාශ්‍ර පිරිසිදු බව සහ පරිසර දූෂණය අවම කිරීම පිළිබඳ මෙම ජාත්‍යන්තර සහතිකය, වැදගත් බවයි.

ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව මුහුදු ජලය දූෂණය කරන පස්වන විශාලතම රට ශ්‍රී ලංකාව බවද වාර්තා වේ.

මේ නිසා තිරසාර වෙරළ තීරයන් සහතික කිරීම දැඩි අවහ්‍යතාවයක් වන අතර, මේ වන විට ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නිර්දේශය මත ජාත්‍යන්තර සමුද්‍ර සංචාරක උපදේශකවරියක වන ඇලී ඩ්‍රැගෝසෙට් මහත්මියගේ සේවය ද ලබාගෙන ඇති බව සඳහන් වේ.

දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වන බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ප්‍රදේශවල දියේ ගිලී යෑම් වැඩි වීම හේතුවෙන් වෙරළාරක්ෂක බළකාය සඳහා තෝරාගත් ජීවිතාරක්ෂක ඒකක සහ වේදිකා ස්ථාපිත කිරීම අවශ්‍යව ඇත. දකුණු හා නැඟෙනහිර වෙරළ තීරයට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව වැඩිවීමත් සමඟ මෙම වෙරළ තීරය ආශ්‍රිතව ශ්‍රම බලකාය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව ඇති අතර ඒ සඳහා අවශ්‍ය පුහුණුව මෙම ආයතන මගින් සිදු කරනු ඇත. මෙම වසරේ අප්‍රේල් හෝ මැයි මස පමණ වන විට මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව සඳහන් කෙරේ.

වර්තමානයේ වෙරළසන්න හෝටල්වල ජීවිතාරක්ෂක ඒකක ඇති නමුත් මෙම නව වැඩසටහන සංචාරක පොලිස් ඒකකය පිහිටුවීමට සමානව සංචාරකයින්ට වැඩි විශ්වාසයක් ලබා දෙනු ඇති බව විශ්වාස කෙරේ.

ප්‍රනාන්දු මහතා පැවසීය.සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව අභ්‍යන්තර ජල මූලාශ්‍රවල දූෂණය අවම කිරීමට වගබලා ගනිමින් මුහුදු ජලය අපවිත්‍ර නොවන බව සහතික කිරීමට කටයුතු කරන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan