Jacinda Ardern යුග දිවියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ජනවාරි 15 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 2017 සිට 2023 දක්වා ධුර කාල දෙකක් එරට අගමැතිනිය ලෙස කටයුතු කළ 43 හැවිරිදි ජෙසින්ඩා නිල කාලය ඉක්මවීමටත් පෙර, පසුගිය වසරේ අවසානයේදී අගමැති ධුරයෙන් ඉවත් වූයේ සිය පෞද්ගලික ජිවිතයට වැඩි ඉඩකඩක් ලබාදීමට අවශ්‍ය බව සඳහන් කරමිනි.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවසීලන්තයේ හිටපු අගමැතිනිය ජෙසින්ඩා ආර්ඩන් පසුගියදා යුග දිවියට පිවිසි බවයි.

ක්ලාක් ගේෆෝර්ඩ් සමඟ, ජෙසින්ඩා පසුගියදා පැවැති චාම් විවාහ උත්සවයකදී අතිනත ගනු ලැබුවේය.

ඔහු ඇගේ දිගුකාලීන සහකරු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඇය පස් හැවිරිදි දියණියකගේ මවක වන අතර, දැරිය උපන්නේ ජෙසින්ඩාගේ පළමු ධුර කාලය අතරතුරදීය.

ඇය වාර්තාපොතට එක්වූයේ, අගමැතිධුරයේ සිටියදී දරුවකු ප්‍රසූත කළ නවසීලන්තයේ පළමු අගමැතිනිය ලෙසත්, ලොව දෙවැනි රාජ්‍ය නායිකාව ලෙසත්ය.

මින් පෙර පාකිස්තානයේ හිටපු අගමැතිනිය බෙනාසිර් භූතෝ 1990 දී සිය දියණිය (වත්මන් දේශපාලනඥ බිල්වාල් භූතෝගේ බාල සොහොයුරිය) ප්‍රසූත කරනු ලැබුවේ අගමැතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී බවටද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...