සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව වැඩ වර්ජනය ගැන දන්වා, සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින්, සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව සිදුකරන වර්ජන ක්‍රියාමාර්ගය 2024.01.16 වෙනි අඟහරුවාදා දින පෙ.ව. 6.30 සිට ආරම්භ කිරීමට නියමිත බව දන්වා,සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

එම ලිපිය පහතින් දක්වා ඇත.

වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා
සෞඛ්‍ය අමාත්‍යතුමා
සෞඛ්‍ය අමාත්‍යාංශය
“සුවසිරිපාය”
කොළඹ 10

සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමට බල කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් ඒකාබද්ධව සිදුකරන වර්ජන ක්‍රියාමාර්ගය. 2024.01.16 වෙනි අඟහරුවාදා දින පෙ.ව. 6.30 සිට

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීමේදී අසාධාරණව සහ අයුක්ති සහගත ලෙස තීරණ ගනිමින් බහුතර සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නොසලකා හැරීම හේතුවෙන්, ඊට එරෙහිව සාධාරණය ඉටු කරන ලෙස අප මෙතෙක් සිදු කරන ලද ඉල්ලීම් සඳහා පිළිගත හැකි මට්ටමේ විසඳුමක් ලබා දීමට ඔබ පාර්ශ්වය අපොහොසත් වී ඇත. එනයින්, එම සාධාරණය ඉටු කරන ලෙස බල කරමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව කණගාටුවෙන් දැනුම් දෙමු. ඒ අනූව ඒකාබද්ධ වෘත්තීය ක්‍රියාමාර්ග වල ආරම්භක පියවරක් ලෙස 2024.01.16 දින උදෑසන 6.30 සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවත්, ඔබගේ ප්‍රතිචාරයන්ට අදාලව එම වර්ජන ක්‍රියාමාර්ගයෙහි ඉදිරි පියවර තීරණය කරනු ලබන බවත් කණගාටුවෙන් දැනුම් දෙමු.
එබැවින් සමස්ථ සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහා ආර්ථික යුක්තිය ඉටු කිරීම උදෙසා රු 35000/- දීමනාවක් ලබා දීම පිළිබඳව කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙසත්, සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳීම සඳහා මැදිහත්වීම ලබා දෙමින් සෞඛ්‍ය සේවය තුල ඔබ පාර්ශ්වය විසින්ම ඇති කරන ලද නොසන්සුන්තාවය වලක්වා ගැනීම සඳහා කටයුතු කරන ලෙසත් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

ඒ අනූව උක්ත වර්ජන ක්‍රියාමාර්ගය සඳහා ජීව වෛද්‍ය ඉංජිනේරු සේවය, පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්,භෞත චිකිත්සකයින්, වෘත්තීය චිකිත්සකයින්, වාග් චිකිත්සකයින්, විකිරණ ප්‍රතිකාරවේදී, ශ්‍රවණවේදින් ඇතුළු සේවාවාන්ද, අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඖෂධ සංයෝජක, අක්ෂි තාක්ෂණවේදීන්, කීට විද්‍යා නිලධාරී, පාසැල් දන්ත චිකිත්සක, දන්ත කාර්මික ශිල්පි, විද්‍යුත් නිකර්පන රේඛණ ශිල්පීන්, විද්‍යුත් කන්තු රේඛණ ශිල්පීන්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ට අදාල සේවාවන්ද, සෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවය, ආහාර හා ඖෂධ පරීක්ෂක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, සැලසුම් හා වැඩසටහන් නිලධාරී යන සේවාවන්ද, සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව, සෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාව, සුළු සේවා පාලක, උපස්ථායක, අරක්කැම්, දුරකථන ක්‍රියාකරු, නිවාස පාලක, රසායනාගාර සේවා සහයක, සෞඛ්‍ය කාර්ය සහයක යන සේවාවන්ට අයත් වෘත්තීය සමිති 72ක නායකත්වය යටතේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය වෙත අවතීර්ණය වන බැවින් ඒ පිළිබඳව අදාල ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස ඉල්ලමු.

රෝගීන් පත්වන දැඩි අපහසුතාවය සැලකිල්ලට ගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තුලදීත් සියළුම ළමා රෝහල්, සියළු පිළිකා රෝහල්, සියළු මාතෘ රෝහල්, සියළු වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුල ස්වේච්ඡා පදනම මත අදාල සේවාවන්ට අනන්‍ය වන අයුරින් සේවා සැපයීමට කටයුතු කරන බවත් එම සෞඛ්‍ය ආයතන හා රෝහල් වල දිවා ආහාර විවේකයේදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම හරහා වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සිදුවන බවත්, අනෙකුත් සියළුම රෝහල් වල ජීවිත අවධානමට හා ජීවිතාරක්ෂාවට අදාල හදිසි සහ අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවත් දන්වමි.

කෙසේ නමුත් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීම සඳහා අනවශ්‍ය ලෙස ත්‍රිවිධ හමුදාව මැදිහත් කර ගන්නා හෝ නිල බලය හෝ තනතුරු බලය භාවිතා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කඩාකප්පල් කිරීම සඳහා අනවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ඕනෑම සෞඛ්‍ය ආයතනයක හෝ රෝහලක ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට හෝ ස්වේච්ඡා සේවා වලින් ඉවත් වීමටත් අප වෘත්තීය සමිති සංධානයේ විධායක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවද දැනුම් දෙමු.

කෙසේ නමුත්, සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටළුව විසඳා ගැනීම සඳහා අප ඕනෑම මොහොතක සූදානමින් සිටින අතර සාධාරණය ඉටු වන ඕනෑම අවස්ථාවක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අත්හිටුවා බාධාවකින් තොරව සහ කැපවීමෙන් සෞඛ්‍ය සේවාව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා සැදී පැහැදී සිටින බවද ඉතා ඕනෑ කමින් පෙන්වා දෙමු.

ස්තුතියි
මෙයට විශ්වාසී

රවී කුමුදේශ්
කැදවුම්කරු
සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...