රටට ඩොලර් ලැබෙන ගාලු බැඩ්මින්ටන් ඉසව්වේ තරගාවලි නිල ලාංඡන එළි දකියි.

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 15 කොළඹ (LNW):පෙබරවාරි 5 දා සිට 11 දා දක්වා ගාල්ල දඩල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වෙන ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා සූරතාවලිය සහ එම ස්ථානයම කේන්ද්‍ර කරගෙන පෙබරවාරි 12 වන දා සිට 18 වන දා දක්වා පැවත්වෙන් ලීනින්ග් ශ්‍රී ලංකා ජාත්‍යන්තර සූරතාවලිය ද නිමිති කර ගනිමින් එම තරගාවලියේ නිල ලාංඡන ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරිමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කටයුුතු කර තිබෙනවා.

රටේ ක්‍රිඩාව දේශපාලනික අතපෙවීම්වලින් තොරව වැඩ කළ හැකි නිදහස් වැඩ බිමක් කිරීමේ උවමනාව වඩාත් හොඳින් තහවුරු කරන මෙවැනි ජාත්‍යන්තර තරගාවලි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත් අවශ්‍යය කරන මොහොතක ක්‍රීඩා පණතේ වසර 50 ට වැඩි ඉතිහාසයක් ඇති වගන්ති සහ රෙගුලාසි ගැන අලුතින් සිතන්නට අවධානය යොමු කරනවා.

නම්‍යශීලී නොවන දේශපාලනයක් යටතේ බලය සම්බන්ධයෙන් ඇති ගිජුකම සහ බලය ප්‍රදර්ශණයට ඇති ආශාව වැනි කාරණා නිරන්තරයෙන් ක්‍රිඩා පරිපාලනවලට කළ හැකි බලපෑම් සහ හරස්කිරීම් සම්බන්ධයෙන් අවබෝධ කරගෙන එවැනි අවස්ථා අවම කර සර්වකාලීනව බලපාන පරිදි හැඩ ගැසීමේ අවශ්‍යයතාවය තේරුම් ගැනීම වැදගත් වෙනවා.ගාලු මුහුදු තීරය අවට සංචාරක ආකර්ශණය සහිත බිමක පැවතවෙන මෙම තරගාවලි දෙකට 500 ක පමණ පිරිසක් සහභාගි විය හැකි බව ගණන් බලා තිබෙනවා.පෙබරවාරි 5 සිට 18 දක්වා දින 14 ක් තරගාවලිය වෙනුවෙන්ම වැය වෙන අතර,තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩකයෙක් ඉන් දිනකට හෝ දින දෙකකට පමණ පෙර ද,බොහෝ විට සිත් ඇඳ ගන්නා සුළු දර්ශණීය වෙරළ තීරය සහ ශ්‍රී ලංකාවේ ආකර්ශණීය සංචාරක ස්ථාන හේතු කරගෙන තවත් දින තුන හතරක් ද නැවතී සිටියහොත් මේ තරගාවලිය හරහා දින 20 ක් ඊට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ දැඩි ඩොලර් අවශ්‍යයතාවය පියවීමට බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් සේවයක් සිඳු වෙනවා.

සියලු කේෂ්ත්‍ර රටේ ඇති ගැටළුවලට එක්ව විසඳුම් සෙවීමට කටයුතු කිරිමට ඇති අවශ්‍යයතාවයේදී විදේශ මුදල් ගෙන්වා ගැනීමට ක්‍රීඩාව යොදා ගැනීමට ඇති ඉඩ වැදගත් වන අතර ලංකාවේ ප්‍රධාන ක්‍රීඩා දේශිය සහ ජාත්‍යන්තර වශයෙන් මෙවැනි අනුග්‍රහයන් සොයා යාම අතිශයින් වැදගත් වෙනවා.මෙවැනි කාරණාවලදී දීර්ඝ කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ මලල ක්‍රිඩාව මෙන්ම ජල ක්‍රීඩා අංශයන් හී දී රටට විශාල විදේශ විනිමට ප්‍රමාණයක් කැඳ වූ ස්පෝර්ට්ස් රයිසින් ආයතනයේ හිමිකරු තිලක් වීරසිංහ දේශපාලනිකව මේ මොහොතේ දී යම් නිහඩ කිරීමකට ලක්ව තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.ඒ නාමල් රාජපක්ෂ ඔහුගේ දියණිය හා විවාහ වී සිටීම නිසයි.රාජපක්ෂ දේශපාලනයට එල්ල වන දැවන්ත චෝදනා කෙසේ වෙතත් තිලක් යනු දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිඩා ඉසව් සංවිධානයේ ප්‍රමුඛයෙක් යන්න අවබෝධ කරගෙන ඔහුට නැවත කේෂ්ත්‍රයට ඒමේ ඉඩ සැකසීම වැදගත් බව මෙවැනි ජාත්‍යන්තර තරග සංවිධානය කිරීමේදී අවධානය යොමු කළ යුතු තත්ත්වයක් වෙනවා.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් විසින් සංවිධානය කරන මේ තරගයේ ජයග්‍රහණයන් කුමන රටවල්වලට යොමු වුව ද,ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින ගැටළුකාරී තත්ත්වය පියවා ගැනීමට එයින් යම් සහනයක් ලැබෙනු ඇතැයි සිතිය හැකි බැවින්,මෙම තරගාවලි දෙක ශ්‍රී ලංකාවට ජයග්‍රාහී සළකුණක් ලෙස හැඳින්විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...