ඉංජිනේරුවන් සමග රට ගොඩනගන හැටි කියන විපක්ෂ නායක සජිත්!

Date:

ඉංජිනේරු ක්ෂේත්‍රයේ නිරත පුද්ගලයන්ට ලබා දිය යුතු වටිනාකම වත්මන් රජය යටතේ ලබා දී නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් යටතේ මෙම ක්ෂේත්‍රයට බලපාන ජාතික ප්‍රතිපත්තියක් ඇති කර එම වෘත්තියට නිසි වටිනාකමක් ලබා දෙන ඉංජිනේරු අධ්‍යාපනය සහ ක්‍රියාකාරකම් ශක්තිමත් කරන සවිබල ගන්වන ජාතික වැඩසටහනකට මුල පුරන බව විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ක්ෂේත්‍රයේ දක්ෂතාව කුසලතාව ඇති මානව සම්පතේ බරපතල ඌනතා රැසක් පවතින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියෙ රාජ්‍ය බලය ලැබිය යුතුය කියන මතයේ තමා නොමැති බවත් බලයක් නොමැතිව වැඩ කරන හැටි පෙන්වා ඇති බැවින් මෙම ක්ෂේත්‍රය ශක්තිමත් කරන්න සවිබල ගන්වන්න ලබා දිය හැකි ඉහළම ශක්තිය ලබා දිමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

බංකොලොත් මේ රටේ දේශීය හා විදේශීය ණය ගෙවන්න බැරිව අමාරු ආර්ථික තත්ත්වයකට පත්ව තිබෙන බවත් ඉදිරි ප්‍රගතියක් කරා යාමට නම් ඉංජිනේරු වෘත්තිය උපයෝගී කර ගෙන එම නිපුණතාවෙන් දක්ෂතාවෙන් වැඩි අගයක් එකතු කර ගත හැකි බවත් මෙම ක්ෂේත්‍රයට යොමුවන තරුණ සම්පත දිරි ගන්වන වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, ඉංජිනේරු වෘත්තිය අධ්‍යාපනය සදහා තරුණයන් යොමු කිරීමට අවශ්‍ය පිළිගැනිමක් ලබා දීමට සමගි ජන බලවේග රජයක් තුළ ප්‍රායෝගික සැලසුමක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා කියයි.

රට ගොඩගන්න යන ගමනේදි ලක්ෂ 220ම එකතු විය යුතු බවත් රටේ ඇති ප්‍රධාන අර්බුදය නම් රුපියල් සහ ඩොලර් නැති වීම බවත් කතා කිරීමෙන් නොව ක්‍රියාවෙන් එය සොයා ගත හැකි බවත් සමගි ජන බලවේග රජයක ඉංජිනේරු වෘත්තිකයන් උපයෝගී කර ගෙන ඩොලර් උත්පාදන කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටී.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ INCO ප්‍රදර්ශනය සඳහා සහභාගි වූ අවස්ථාවේ දීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...