පළාත් පාලන ඡන්දයට අමුතුවෙන් කැම්පේන් ඕනෙ නෑ. අපේ යහපත් වැඩ නිසා අපි කොහොමත් දිනනවා – ලාල්කාන්ත

Date:

පළාත් පාලන මැතිවරණය මාර්තු අග හෝ අප්‍රේල් මුල පැවැත්වෙනු ඇතැයි දැනට ලැබී ඇති තොරතුරු අනුව වාර්තා වන බවත් ඊට වෙනමම ප්‍රචාරක කටයුතු සිදුකිරීමේ අවශ්‍යතාවයක් ජාතික ජන බලවේගයේ රජයට නොමැති බවත් කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“පළාත් පාලන ඡන්දය මාර්තු අග – අප්‍රේල් මුල වගේ එනවා කියන එක තමයි දැනට ආරංචිමාර්ග තොරතුරු තියෙන්නෙ. ඒවා නිසි කලට තියන්නත් ඕනෙ, මොකද අධිකරණ තීන්දුවකුත් තියෙනවා පළාත් පාලන ඡන්දය ඉක්මනින් ඉඩක් ලැබුණු වහාම තියන්න කියලා. ඉතින් පළාත් පාලන ඡන්දය ඉලක්ක කරගෙන අපි අමුතුවෙන්ම කියලා ප්‍රචාරක වැඩක් හෝ දේශපාලන වැඩසටහනක් කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. අපේ රජය කරගෙන යන යහපත් වැඩත් එක්ක පළාත් පාලන ඡන්දය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා”

අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (ජනවාරි 15) පැවති මාධ්‍ය හමුවකදී නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...