මන්නාරම සුළං විදුලි බල ව්‍යාපෘතියක් සම්බන්ධ රිට් පෙත්සමක් කැඳවීමට දින දෙයි

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති  සංඛ චන්දිම අභයවර්ධන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මැයි මස 23 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළ බව වාර්තා වේ.

ඒ මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ සුළං විදුලි බල ව්‍යාපෘතියක් ගොඩනැගීම සඳහා ඉන්දියාවේ අදානී සමාගම සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම වේ.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු එම්.යූ.බී. කරලියද්ද මහතා ඉදිරියේ කැඳවනු ලැබ ඇති අතර, එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වැදගත් නඩුකර කිහිපයක් ලබන මාර්තු මස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිත බවයි.මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බව පැවසේ. පසුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 23 වන කැඳවන ලෙස නියම කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...