ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ කලා දිවියට අඩ සියවසක් සපිරෙයි!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

සංගීත ලෝකය වර්ණවත් කරමින් අපිරිමිත සේවයක් කරමින් සිටින, ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ හැත්තෑ පස්වැනි ජන්ම දිනයත් කලා දිවියට අඩ සියවසක් සපිරීම නිමිතිකොට ගෙන ඔහු ස්වකීය ස්වර රචනාවලට අපරදිග සංගීතමය අර්ථකථනයක් ගෙනෙන Flying with the moods නම් වූ පර්යේෂණාත්මක සංගීත වෑයම ද ස්වර නමින් සංගීත නිර්මාණවල ස්වර ප්‍රස්ථාර රැගත් ග්‍රන්ථයද පසුගියදා එළිදැක්විණි.

ඉන් අනතුරුව ආදරණීය රෝහණ අඩ සියවසක මියැසි මාධූර්යය නම් වූ ගීත හතළිහක සංගීතමය සැඳෑව ප්‍රවීණ සහ තරුණ ගායක ගායිකාවන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වය එදින දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...