චීනයට AI චිප් ජාවාරම් කළ බවට ඇමරිකාවේ තිදෙනෙකුට චෝදනාවක්!

රෂිකා හෙන්නායක මාර්තු 20 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමෙරිකානු අපනයන නීති උල්ලංඝනය කරමින් ඩොලර් බිලියන 2.5ක් පමණ වටිනා කෘතිම බුද්ධි (AI) චිප්ස් රහසිගතව චීනයට යැවීමේ චෝදනාව මත Super Micro Computer සමාගමේ සම-නිර්මාතෘවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

මෙම සැකකරුවන් තායිවානය සහ අග්නිදිග ආසියානු රටවල් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරමින් සහ ව්‍යාජ ලේඛන භාවිත කරමින් සැබෑ ගමනාන්තය වසන් කර ඇති බව වාර්තා වේ.

ඇමෙරිකානු බලධාරීන් පවසන පරිදි මෙම ක්‍රියාව ජාතික ආරක්ෂාවට සෘජු තර්ජනයක් වන අතර, මේ හේතුවෙන් අදාළ සමාගමේ කොටස් මිලද පහත වැටී ඇත.

මීට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකානු දරුවන් වෙනුවෙන් මස්ක්ගේ පොරොන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: ධනය බෙදී යාම, අභ්‍යවකාශ...

දිට්වා ආපදාවෙන් මියගිය අය සිහිකර පාර්ලිමේන්තුවේ විනාඩියක නිහඬතාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අද (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීදිට්වා...

සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර අභිමානයෙන් සමරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW: සියවසක මහජන සෞඛ්‍ය මෙහෙවර...

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර නීතිය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා...