මෙරටින් පැන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මුම්බායි හිදී අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 16, කොළඹ (LNW):

ජාත්‍යන්තර පොලීසිය මගින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බවයි.

පසුගියදා සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණේ, අධිකරණය මගින් ඇප ලබා සිටි ජනිත් මධුසංඛ හෙවත් පොඩි ලැසී මෙරටින් පලාගොස් ඇති බවටයි .

පොලීසිය සඳහන් කළේ, පොඩි ලැසීට ඇප නියම කෙරුණ ද ඊළඟ නඩු දිනය දක්වා විදෙස් ගමන් තහනමක් පනවා තිබූ බවය.

අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ, පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...