සටහන – රුවන් නෙළුගොල්ල
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂ දූත පිරිසක් ලබන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.
IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පැවසුවේ මෙම කණ්ඩායම ජනවාරි 22 සිට 28 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බවයි.
එහිදී ඔවුන් දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිය තක්සේරු කරනු ඇති අතර මෙයින් ශ්‍රී ලංකාවේ විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට (EFF) ඇතිවිය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බවත් ඇය සඳහන් කළාය.


