නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:
ක්‍රීඩා කාර්ය සාධනය සහ ක්‍රියාකාරීත්වය සහ එම ක්‍රීඩාවට අදාළ නීති රෙගුලාසි වලටත් අනුකූලව ජාතික කණ්ඩායමක් සඳහා ක්‍රීඩා නිල ඇඳුමක් නිර්මාණය කළ යුතුය.එම නිල ඇඳුම ජාතික අභිමානය සහ එකමුතුකමේ ප්‍රබල සංකේතයක් ලෙස ක්‍රියා කරන එකකි.එහිදී වර්ණයන් යෙදීමේදී ජාතික අනන්‍යතාවයන් මෙන්ම මනෝ විද්‍යාත්මකව වර්ණවලින් ප්‍රකාශිත හැඟීම් ද ඊට මුසු වන්නේය.


රටක සංස්කෘතික අනන්‍යතා මෙන්ම ජාතික වශයෙන් පිළිබිඹු කළ හැකි සංඛේත සහ ලාංඡන ගැන ද මෙවැනි ජාතික නිල ඇඳුමක් නිර්මාණය කිරීමේදී අවධානය යොමු කළ යුතු වන්නේය.එසේම සියල්ල සහිතව සරල සහ ආකර්ශීනීය බව සහිත නිර්මාණය ඇතුළත් කළ යුතු රෙද්ද කවරේද යන්න සිතීම ක්රීඩාවකදීනම් අනිවර්ය කාරණයක්ය.
එහිදී කල්පැවත්ම,දේශගුණිකව ඔරොත්තු දිම,හුස්ම ගැනීම පහසුවෙන් පවත්වාගෙන යාමේ හැකියාව,ක්‍රීඩාවේදී අවශ්‍යය කරන ගැලපීම සහ නම්‍යශීලීත්වය වැනි කරුණුවලට අමතරව ඇතැම් විට ස්ත්‍රී පුරුෂ වෙනස්කම් සමඟ ද සැකස්මේ නිමාව වෙනස් විය යුතු ආකාරයන් ද අවසාන නිෂ්පාදනය ලෙස ඉදිරිපත්වීමේදී සැළකිල්ලට ගත යුතුව ඇත.

කෙනෙකුට පිටත සිට තමන්ගේ රුචි අරුචිකම් මත මෙන්ම තමන් කැමති නව නිර්මාණ සමඟ ද ජාතික නිල ඇඳුම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම කළ හැකි වුව ද,එවැනි වර්ගයේ ඇඳුමක් සකස් කිරීමේදී නිර්මාණකරුවා සැළකිල්ල යොමු කළ යුතු කරුණු වඩා සංකීර්ණය.ප්‍රමිතිගත ක්‍රියාවලියකට යටත්ය.ඒ සංකීරණ තත්ත්වයන් සුමට සහ සරල කිරීමේ අවශ්යයතාවයටත් අදාළය.

මේ සංකීර්ණ ක්‍රියාවලිය වර්ණ,සංඛේත මෙන්ම රෙදි පිළි සමඟ ගැලපෙමින් සැකසෙමින් අවසාන නිෂ්පාදන ක්‍රියාවලියක් දක්වා පැමිණිම දුෂ්කර ගමන් මඟකි.ඊට උදාහරණයක් ලෙස මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ නිල ජර්සිය නිර්මාණය කිරීම සඳහා එහි අනුග්‍රාහකයා වන මූස් නිෂ්පාදන ක්‍රියාවලියට ගත වූ කාලයම ගත හැකිය.ගෙවුණු 2015 වසරේ මාර්තු මස සිට ඇරඹි නිර්මාණ ක්‍රියාවලිය සම්බන්ධ සාකච්ඡාවන්හී ක්රමික ප්‍රගතිය පිළිමත ඇතිරී නිල ඇඳුම බවට පත්වීමට මාස 9 ඉක්මවා ගත වී ඇත.

සිනමන් ග්රෑන්ඩු හෝටල් පරිශ්‍රයේ දී එය සමාජ ගත කෙරුණ පසුව එන විවරන අදහස් දුටු මොහොතකින් පසුව නැඟෙන ඒවාය.එහෙත් ඒ පසුපස මාස නවයක පමණ කාලයක් සැළකිල්ල යොමු කළ යුතු, දැඩි අවධානයෙන් සළකා බැලිය යුතු කරුණු ගණනාවක වැඩ සටහනක් බව අප අවබෝධ කර ගත යුතුය.අප දන්නා සංඛේත කිහිපයක්,වර්ණ සහ පිළිවලින් ජාතිය නියෝජනය කරන නිල ඇඳුමක් සැකසීම කළ නොහැකිය.ජාතිකත්වය ප්‍රකාශ කරන ආකාරයට අදාළ කරුණු මෙන්ම මිනිස් සිරුරුට ඔබින සහ උචිත වැනි කාරණා ඔස්සේ පිළි නිර්මාණයේ දැණුම ද සහිත විය යුතුය.ඒ නිසා පහසු නොවන කාරණා කඩඉම් ගණනාවකින් ඉනික්බිති ජාතික නිල ඇඳුමක් දක්වා පැමිණීම පහසු නැත.ඒ අපහසු කාරණාවන් පසු කර පැමිණ ජයගත් ඉම,අප දකින ජාතික ඇඳුම ක්‍රීඩාවේ ශක්තිය නොනැසී පවතින,ක්‍රීඩාවට හැම අතින්ම සුදුසු පිළියෙන් සැකසී ක්‍රීඩාව ඔපවත් කරන වස්තරයක් බවට පත් වී ඇත.ඒ ඇඳුමට සමානම ප්‍රමිතියකින් ක්‍රීඩාවේ දක්ෂතා ද වෙහෙස වී කැප වී ඉහළින්ම පෙන්වන්නට ජාතික කණ්ඩායම හැකියාව ලැබුණොත් නිර්මාණකරු සහ අනුග්‍රාහක මූස් පමණක් නොව රටටම සතුටු විය හැකිය.ඒ සතුට වෙනුවෙන් උදාවන තත්පරයේ මූස් පිළියෙන් සැරසී රට වෙනුවෙන් පෙරට එන ලාංකේය ක්‍රිකට් කණ්ඩායම දෙස අප ආශිර්වාදය මුසු කරමින් ජයග්‍රහණය අපේක්ෂාවෙන් බලා සිටිමු.!
අදාළ නිර්මාණ කාර්යය වෙනුවෙන් සකස් කළ වීඩියෝව මේ සමඟ දැක්වේ.


