‍ලොක්කියන් අභිබවා පෙරමුණ ගත් බට්ටි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 16, කොළඹ LNW:

ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ නොමද ආදරයට පාත්‍ර ‘මොණරාගල බට්ටි‘ මෙවර ජාතික මට්ටමෙන් වර්ණ හතරකින් සකස් කළ කණ්ඩායම් හතරක් සහභාගි වූ විස්සයි විස්ස කාන්තා ලීග් තරගාවලිය වෙනුවෙන් සකස්කර ඉදිරිපත් කරන ලද රෙඩ් කණ්ඩායමේ නායිකාව විය.ශ්‍රී ලංකා ක්‍රිකට් ගත් එම තීරණය පැසසුම් සහගත එකක් බවට පත් කරමින් රෙඩ් කණ්ඩායම නියෝජනය කළ අවුරුදු 19 න් පහළ ක්‍රීඩිකාවන්,ජාතික තලයේ ක්‍රීඩිකාවන්ට විශාල අභියෝගයක් එල්ල කරන්නට සමත් විය.ඒ අතර කැපී පෙණුනම ක්‍රීඩිකාව වූ චමෝදි ප්‍රබෝධා හෙවත් බට්ටි පන්දු යවන්නියන් අතර පෙරමුණ දරන්නීය.තරග 6 ක් නිමාවේ ඈ නමින් ඇති කඩුලු සංඛ්‍යාව 11 කි.


එහෙත් ජනවාරි 17 දා පී සරා පිටියේ පැවත්වෙන තරගාවලියේ අංක එකට සහ දෙකට පිළිවෙලින් සිටින බ්ලූ සහ ග්‍රීන් කණ්ඩායම් අතර අවසාන තරගයේ බට්ටි නොමැති නිසා සමහර විට අවසාන තරගය නිමාවේ දත්ත සමඟ ඇය ඉක්මවා යාමට සුළු ඉඩක් ඇත.චමෝදි ගේ කණ්ඩායම අවසාන තරගයට සුදුසුකම් නොලැබුව ද බ්ලූ කණ්ඩායමේ දෙව්මි විහංගා තරගාවලියේ දෙවැනි වැඩිම කඩුලුලාභිණිය වෙමින් කඩුලු 9 ක් ලබා පෙරමුණ සිටින්නේය.ග්‍රීන් කණ්ඩායමේ උදේශිකා ප්‍රබෝධනී සහ සුගන්ධිකා කුමාරි සිටින්නේ ද කඩුලු 8 ක් සහිතවය.එසේම කඩුලු හතක් ලබා ඊ ළඟට සිටින්නිය වන සත්‍යා සංදීපනී ද බ්ලූ කණ්ඩායමේ සාමාජිකාවක්ය.


පිතිකරණයේ දක්ෂතා දැක් වූ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ග්‍රීන් සහ බ්ලූ කණ්ඩායම්වල සිටීම, අවසාන තරගය සම්බන්ධයෙන් විශාල අවධානයක් දිනා ගත හැකි සාධකයක් ලෙස සිතිය හැකිය.දැනට ඉදිරියෙන්ම සිටින්නී හසිනි පෙරේරා ය.ඇය ග්‍රීන් කණ්ඩායමේ නායිකාවය.එසේම බ්ලූ කණ්ඩායමේ නායිකා හර්ෂිතා සමරවික්‍රම හසිනිට පසුව සිටින්නීය.නැවත සිව්වැන්නියට සිටින්නී ද අවසාන තරගයට මුහුණ දෙන කණ්ඩායමේ සාමාජිකාවක් වන ග්‍රීන් කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා ය. තෙවන තැන සිටින පිතිකාරිණීය ඉමේෂා දුලානි සහ පස්වන තැන සිටින රෙඩ් කණ්ඩායමේ උමංගනා පීරිස් ද වන්නේය.
මේ තරගාවලියේදී පිතිකරණයෙන් මෙන්ම පන්දුවෙන් ද දස්කම් දක්වන ක්‍රීඩිකාවන් කවුද යන්න විමසා බැලීමේදී බ්ලූ කණ්ඩායමේ සත්‍යා සංදීපනී පෙරමුණ ගෙන සිටින්නීය.ඇය පිතිකාරිණියන් අතර හයවන තැන ද,පන්දු යැවීමේදී පස්වන තැන ද සිටින්නීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...