මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

Date:

කැඩී බිඳී විසිරී තැන තැන
කැබලි වලින් නිතර ශෝකාලාප මතුවෙයි !
දකින දකින මංසලෙහි ඔබ මොබ
පළුදු වූ බඳුන් කලබලෙන් ඇවිදියි !

උදෑසන මෙලවෙද්දි ලිපක ගින්දර
බඳුනක් තිබේ හූස් හූස් ගගා ලිපට පිඹින
පාන්දර කිරි කළ බඳුන් නික්මී ගියපසු නිවසින්
පෙරකී බඳුන කැබලි විසිරුවා බිඳෙයි

හවස්වෙලා කිරි කළ බඳුන් නැවත එනවිට
ඒ බඳුන ආදරෙන් උතුරයි, උතුරා දෝරෙ යයි
වෙහෙසකර දවසක් අවසන
රා කළයක් අසලින් ඒ බඳුන ඇලවෙයි.
නින්දේදීත් බිඳෙයි, හැමදාම බිඳෙයි
රහසෙන් ඉකිබිඳ තනිවම
කැබලි අලවා ගනියි !

මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

හදවත පසාරු කළ ඊතල සලකුණු කල
සුන්දර නැවුම් බඳුන් ඔබට පෙනෙන්නට ඇති
ඉතා පරෙස්සමෙන් ලංව බැලුවොත්
හීසර පහර වැදී කුඩා කැබලි වලට කැඩී
ආයාසයෙන් නැවත අලවා ගත් බව කියන
පළුදු ලකුණු හඳුනා ගත හැකිය !

“බිඳුන කලක අමතක කල නොහැකිය සිතින්
බිඳෙන බඳුන් බිඳෙනතුරු සුරකින්න ආදරෙන්”
බඳුන් වල යටින් සිහින් අකුරෙන් ලියා ඇති.

මේ බිඳුන බඳුන් පිරි නුවරයි !

අතින් අත ගොස් බිඳී විසිරුණු පසුව
පැන් කළයක් ද, තවත් එක බිඳුන බඳුනකි !
දෝත් මුදුනේ තබාගෙන ගියත්, බිඳුනම
මලසුන් යට අඳුරු ගුහා වල තනිවෙති !
තනි තනිව කැබලි අලවාගන්න සිදුවෙති !

කීයටවත් බිඳෙන්නැති රන් රිදී බන්දේසි
පළුදු සඟවා ඉන්න බව ඔබට නොවැටහෙයි
යසසෙන් ඉසුරෙන් පුරවා පළුදු සඟවා සිටියත්
ඉරි තැලුම් කිසිදාක නොමැකෙයි.

කුමන බඳුනට එබී බැලුවත්
වරක් හෝ බිඳී ඇති බව පෙනෙයි !
නොබිඳුනු බඳුනක් වේ නම්
කොතැනක හෝ මෙහි
ඔබ හොඳින් පිරික්සා නැත.

  • MKCP ශෂීන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...