Update: ටොන්ගා රජු සුනාමියෙන් දිවි බේරාගනියි – කොදෙව්වට බරපතළ හානි නැහැ

Date:

ඊයේ සවස දකුණු පැසිෆික් සාගරයේ ටොන්ගා දූපත අසල සිදුවූ සමුද්‍රීය භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුනාමි අවදානම මේ වන විට පහව ගොස් තිබුණත් එය නිශ්චිත ලෙසම කිව නොහැකියි.මරණ කිසිවක් මේ දක්වා වාර්තා වී නැහැ.

ඊයේ ඇති වූ සුනාමි තත්වයෙන් ටොන්ගා ප්‍රධාන දූපතේ පහත් බිම් කලාප සුනාමි රළ පහර විසින් යට කර දමා තිබුණා.

ටොන්ගා රජ මාළිගය ද ජලයෙන් යට වූ බව සඳහන්.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ රජු ගළවා ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබුණු අතර, පොලිසිය සහ හමුදාව එක්ව ඔහුව මටා කි එයුවා හි පිහිටා තිබෙන මන්දිරයක් වෙත රැගෙන ගිය බව ද වාර්තා වෙනවා.

ටොන්ගා හි රජු වන සය වන ටුපෝ

ටොන්ගාවට ආසන්නයෙන් පිහිටා තිබෙන නවසීලන්තය ඩොලර් 340,000 ක සහනාධාර මේ වන විට ටොන්ගා වෙත යවා තිබෙනවා. නවසීලන්ත ආරක්ෂක බලකාය ද දූපතේ කටයුතු සාමාන්‍ය තත්වයට පත් කිරීම සඳහා යොදවා තිබෙනවා.

නමුත් සමුද්‍රීය භූ චලනයේ පසු කම්පන සහ පසු පිපිරීම් ගැන අනාවැකි කියන්නට කිසිවෙකුටත් බැහැ.

ටොන්ගා දූපත් දකුණු පැසිෆික් සාගරයේ පිහිටා තිබෙන ස්වාධීන රාජාණ්ඩුවක්. ‘ටොන්ගා රාජධානිය’ ලෙස මෙය නිල වශයෙන් හැඳින්වෙනවා. දූපත් 169 කින් සමන්විත ටොන්ගාවේ මිනිසුන් ජීවත් වන්නේ දූපත් 36 ක පමණයි. ‌මේ කොදෙව්වේ ජීවත් වන මිනිසුන්ගෙන් 97%ක් ටොන්ගා ස්වදේශිකයන්.

OUTBOUNDTODAY AMALI JAYAWEERA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...